වෛරක්කාරි දේශපාලනය අවසන් කළ යුතු බවත්, තමන් එවැනි දේශපාලනයක් සිදු නොකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ සුව දුක් විමසීම සඳහා පැමිණීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.
"දේශපාලඥයන් විතරක් නෙමෙයි ඔවුන්ගේ නෝනලා හා දරුවනුත් මේ රජයෙන් පරිස්සම් කරගන්න සිදුවෙලා තියෙනවා. මේක හොඳ නෑ. මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන. මම කළේ නෑ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ." යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Friday, February 27, 2015
'මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන' - මහින්ද රාජපක්ෂ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment