ජනපතිගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ඉන්දියාවෙත් (Photo) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

ජනපතිගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ඉන්දියාවෙත් (Photo)

එළැඹෙන ජනවාරි 8 වැනිදාට යෙදී තිබෙන ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ මහතාත් මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් අතර ඡන්ද සටන දිනෙන් දින උණුසුම් වෙමින් තිබෙනවා. 

මෙවන් තත්ත්වයක් තුළ මැතිවරණ ප‍්‍රචාරණ කටුයතු වලට ලැබෙන්නේ වැඩි අවධානයක්. ජනාධිපතිවරයාගේ පෝස්ටර් කටවුට් හා රූපවාහිනී දැන්වීම් වැඩිවශයෙන් දක්නට ලැබෙන අතර සිරිසේන මහතාගේද ඇල් මැරුණු නමුත් සැලකිය යුතු මට්ටමේ මැතිවරණ ප‍්‍රචාරණයක් මේ වන විට දක්නට ලැබෙනවා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු මෙරට මාධ්‍යයන් තුළ ප‍්‍රචාරණයෙන් නොනැවතී ඉන්දියානු මාධ්‍ය හරහාද ප‍්‍රචාරය කිරීම ආරම්භ කොට තිබෙනවා. 

ඊට අනුව ඉන්දියාවේ ‘Hindustan Times’ හා ‘The Indian Express’ යන ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි දෙකකද දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රචාරක දැන්වීම් පල වෙනවා.

එම වෙබ් අඩවි තුළ දැන්වීම් පලව ඇති ආකාරය පහතින් බලන්න…

The Indian Express



Hindustan Times



No comments:

Post a Comment

Post Bottom Ad