කොටි සංවිධානය නියම විපක්‍ෂයයි… – නිලන්ත ඉලංගමුවගේ කොටි නැලවීම සහ අලුත් ගේම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

කොටි සංවිධානය නියම විපක්‍ෂයයි… – නිලන්ත ඉලංගමුවගේ කොටි නැලවීම සහ අලුත් ගේම්

ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ කතෘ මෙන්ම ඉන්දීය ඔත්තු සේවයේ මෙරට නියෝජිතයෙකු ලෙස ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියද මීට කලකට පෙර පෙන්වා දුන්, නිලන්ත ඉලංගමුව පසුගිය සතියේ විදෙස් රටක සිට විකාශය කෙරෙන එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් කියා ඇත්තේ, කොටි සංවිධානය නැති තැන මෙරට විපක්ෂයක් නැති බවය.

හෙතම වැඩිදුරටත් එහිදී කියා ඇත්තේ කොටි සංවිධානය 1970වේ සිට 2009 දක්වා විපක්ෂයට හිමි කාර්ය නිවැරදිව ඉටුකළ බවයි. එසේම ඉන් පසු මෙරට විපක්ෂ දේශපාලනයේ හිඩැසක් පවතින බවත් එය පිරවීමට මෙරට කිසිඳු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොලැබුණු බවත් කියමින්, කොටි ත්‍රස්තවාදීන්, සාදාරනීකරණය කොට ඇත.

මීට මාස කිහිපයකට ප්‍රථම කොටි සංවිධානයේ නීති උපදේශකයාව සිටි වී. රුද්‍රකුමාරන්, නිව් යෝර්ක් නුවරදී හමු වී දීර්ඝ වශයෙන් කතාබහ කොට ඇති අතර ඔහු නාවාතැන් ගෙන ඇත්තේද රුද්‍රකුමාරන්ගේ නිවසේ බවද සඳහන් වේ.

එසේම තානාපති සේවාවට අයත් මුලාශ්‍ර පේනවා දෙන්නේ හෙතම ඉන්දීය ආණ්ඩුව සමඟ ඉතා සමීපව කටයුතු කරමින්, මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වාර්තා කිහිපයක්ම එරට රෝ ඔත්තු සේවයට ලබා දී ඇති බවයි.

ඔහු පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රිපාල සිරිසේන මහතාට ඍජුව සහෝයෝගය දක්වන්නෙකි. එසේම ඔහු විසින් සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසී බසින් වෙබ් අඩවි වලට ලියන ලිපි සියල්ලම පාහේ අදාළ ඔත්තු සේවාවේ අනුදැනුම මත සිදු කරන බව එම මුලාශ්‍ර වැඩි දුරටත් පේනවා දෙනු ලබයි.

පසුගිය සති කිහිපය පුරා ඔහු ලියනු ලැබූ ලිපි සියල්ලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩිව විවේචනය කළ අතර  ඔහු විසින් මීට මාස කිහිපයකට පෙර ප්‍රසිද්ධ කරනු ලැබූ කෘතියෙන්ද රාජපක්ෂ මහතා, නිර්දය ලෙස විවේචනය කරනු ලැබීය.

මෙහි ඇති වඩාත් වැදගත් කාරණය වන්නේ හෙතම ඉන්දීය රෝ ඔත්තු සේවය සමඟ පමණක් නොව ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධනය සමඟද ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැත්වීමය. 

මීට කලකට පෙර එම සංවිධානයේ සේවය කළ ඉහල පෙළේ නායකයින් රැසක් ඔහු හමු වී ඇත. සී. අයි. ඒ. සංවිධානයේ කටයුතු කළ ඩැනියල් එල්ස්බර්ග් හා ඔහු ඉතා කිට්ටු මිතුරන් බව සඳහන් වේ. ඔහු හෙතම සමඟ ලබාගත් එක් ඡායාරූපයක් මෙහි වෙයි.

ilangamuwa_Daniel

No comments:

Post a Comment

Post Bottom Ad