බටහිරට ඕනෑ රුසියානු වළසා බැඳ දැමීමටයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

බටහිරට ඕනෑ රුසියානු වළසා බැඳ දැමීමටයි

බටහිර ජාතීන්ට අවශ්‍ය වන්නේ රුසියානු වළසා යදමින් බැඳ දැමිමට බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ වාර්ෂිකව මොස්කව්හිදී පවත්වනු ලබන ප‍්‍රශ්න පිළිතුරු වැඩසටහනේදී රුසියානු ආර්ථිකය මුහුණ පා ඇති ගැටළු ක‍්‍රිමියාව සමග එක්සත් වීමෙන් ගෙවීමට සිදුව ඇති වන්දිය ලෙස සිතනවාද යනුවෙන් නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.  

පුටින් පවසා ඇත්තේ එය ක‍්‍රිමියාව වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති වන්දියක් නොවන බවයි. ආර්ථික ක්‍ෂේත‍්‍රයේ මතුව ඇති ගැටළු යනු රුසියාව ජාතියක්, ශිෂ්ඨාචාරයක් සහ රාජ්‍යයක් ලෙසින් ආරක්‍ෂා කිරීමට ඇති ස්වභාවික ආශාව සඳහා ගෙවීමට සිදුව ඇති මිල බව ඔහුගේ අදහසයි.

රුසියානු වළසා සාමකාමීව හිඳිමින් මී පැණි සහ බෙරි වර්ග කමින් සිටියත් ඔහු යදමින් වෙළීමට බටහිරට අවශ්‍ය බවත් ගැට ගැසූ පසු න්‍යෂ්ටික අවි නම් දත් සහ නිය උගුල්ලා දැමීසට ඔවුන් කටයුතු කරනු ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ඉන්පසු රුසියානු වළසා කිසිවෙකුට අවශ්‍ය නොවන හෙයින් ඔහු ආහාරයට ගනු ඇති බව පුටින් දක්වා ඇත.  ඔහු සඳහන් කර ඇත්තේ සයිබීරියාව රුසියාවට අයත්වීම අසාධාරණ බව බටහිර නිලධාරීන් පවසමින් සිටින බවයි.

ටෙක්සාස් ප‍්‍රදේශය මෙක්සිකෝවෙන් සොරකම් කිරීම සාධාරණදැයි විමසූ ජනාධිපතිවරයා රුසියාව තමන්ගේ බිම් පාලනය කිරීම අසාධාරණ විය හැකි බැවින් ඒවා සියල්ල බටහිරට ලබාදෙමු යයි පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad