මුස්ලිම් කොංග්‍රසයේ තීරණය හෙට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

මුස්ලිම් කොංග්‍රසයේ තීරණය හෙට ?

තමන්ගේ නිශ්චිත හා නිවැරදි මතය කුමක්දැයි යන්න රට ඉදිරියේ හෙට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

ඒ සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා ඇතැයි තොරතුරු වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය වෙත ජාත්‍යන්තර මුලධාර්මවාදී සංවිධාන වලින් බලපෑම් එල්ලවන බවද ඒ නිසා ඔවුන් දැඩි දේශපාලන අර්බුදයක සිටින බවද දැනගන්නට තිබේ.

මේ පිළිබඳ මුස්ලිම් ආගමික නායකයින්ගේ ද දැඩි කතා බහකට ලක්ව තිබෙන අතර හෙට වන විට විධායක සභාව විසින් තම තීරණය දැනුම් දීමට නියමිතයි. 

No comments:

Post a Comment

Post Bottom Ad