තැපැල් ඡන්දය හෙටයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

තැපැල් ඡන්දය හෙටයි

2015 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට ආරම්භ වේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සහ අනිද්දා සිදු කෙරෙන අතර රාජ්‍ය සේවකයින්ගේ පහසුව වෙනුවෙන් සේවා අවශ්‍යතාවන් මත අතිරේක දින කිහිපයක් ද වෙන් කර තිබේ. 

ඒ අනුව හම්බන්තොට පොලිසියේ නිලධාරීන්ට හැර සෙසු පොලිස් නිලධාරීන්ට ලබන 26 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇත. 

කෙසේ වෙතත් හම්බන්තොට පොලීසියේ නිලධාරින්ට 24 වනදා සිය තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට කටයුතු සලසා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. මීට අමතරව මැතිවරණ කාර්යාල නිලධාරින්ට සහ දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම මස 30 වනදා පහසුකම් සලසා දි තිබේ. 

හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වූ රජයේ සේවකයින්ට ලබන 30 වන දා දිස්ත්‍රීක් ලේකම් කාර්යාල වලදි ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. මෙවර පන්ලක්ෂ 41,342 දෙදෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි. 

කෙසේ වෙතත් හෙට සහ අනිද්දා දින වල පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම පිළිබඳව මේ වන විටත් සියලුම රාජ්‍ය සේවකයින් දැනුවත් කර ඇති අතර ආයතන ප්‍රධානින්ටද මේ පිළිබඳව අදාළ උපදෙස් ලබා දි ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad