මෛත්‍රී පාලනයක් තුළ ලබා දෙන සහන ලැයිස්තුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

මෛත්‍රී පාලනයක් තුළ ලබා දෙන සහන ලැයිස්තුව

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගියදා එළිදැක්වූ අතර එහි තේමාව වූයේ ‘ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක් ‘ යන්නයි. 

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහුගේ දැක්ම හා අනාගත වැඩපිළිවෙළ සවිස්තරාත්මකව සඳහන් කර ඇත. තවද ඔහුගේ මෛත්‍රී පාලනය යටතේ ජනතාවට ලබාදීමට අදහස් කරන සහන ලැයිස්තුවක්ද ඊට අන්තර්ගතය.

1. රාජ්‍ය සේවක වැ‍ටුප 10000කින් වැඩි කෙරේ.
2. රාජය සේවකයින්ට යතුරුපැදි වෙනුවෙන් ලබා දුන් ණය මුදල සම්පූර්ණයෙන් කපා හරී.
3. දින 180ක් සඳහා බඳවා ගත් සුදුසුකම් සම්පූර්ණ කළ කොන්ත්‍රාත් සහ අනියම් සේවකයින් ස්ථිර කෙරේ.
4. සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කෙරේ.
5. ඉන්ධනවලින් අය කෙරෙන රුපියල් කෝටි 4000කට අධික බදු ඉවත් කෙරේ.
6. ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 300කින් අඩු කෙරේ.
7. කිරි ලීටරයක සහතික මිල රුපියල් 70 දෙක්වා වැඩි කෙරේ.
8. වී 1 කට රුපියල් 50ක සහ අර්තාපල් 1 කට රුපියල් 80ක සහතික මිලක් ලබාදේ.
9. සියලු ගොවි ණය 50%කින් කපා හැර ඉතිරිය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දේ.
10. දරු ප්‍රසූතියෙන් පසු සෑම මවකටම රුපියල් 20000ක දීමනාවක් ලබා දේ.
11. ධීවරයින්ට ලක්ෂ 10ක රක්ෂණාවරණයක් හා විශ්‍රාම වැ‍ටුපක්.
12. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා වැඩි කෙරේ.

සෑම  දේශපාලකයෙක්ම  ලබාදෙන  පොරොන්දු  ඉතා  ආකර්ෂණීය  වේ.  නමුත්  මෙතෙක්  ඉතිහාසයේ  කිසිම දේශපාලකයකු  දුන්  පොරොන්දු  නිසි  ලෙස  ඉ‍ටු  නොකළ  බවට  අතීතය  සාක්ෂි  දරයි.

No comments:

Post a Comment

Post Bottom Ad