කැළණිය ආසනය තුළ තම අණසක පතුරුවා සිටි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමා දැරූ ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වී ඇති බවට වාර්තා වේ.
ඒ බව ඔහු පවසා ඇත්තේ ඊයේ(21) කැළණියේ පැවති රැස්වීමකදීය. කැළණිය ආසනය තමා දිවි ඇතිතෙක් අත නොහරින බවට ආඩම්බර කතා පැවසූ අමාත්‍යවරයා මෙසේ තම සංවිධායක ධූරය අතහැරීම කාගේත් විමතියට තුඩු දෙන කාරණයක් වී ඇත.
අමාත්‍යවරයා මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ
ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමා මෙලෙස සංවිධායක ධූරයෙන් ඉවත් වී වෙනත් අයකුට ලබාදුන් බවයි. ඔහුගේ ඉවත්වීමත් සමඟ එම සංවිධායක ධූරයට පත්ව ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී ශාලිත විජේසුන්දර මහතා බවට වාර්තා වේ.
Monday, December 22, 2014

ඇමති මර්වින් කැළණිය සංවිධායක ධූරය අතහරී
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment