ඔහු දෙහිවල ගල්කිස්ස මහනගර සභා මන්ත්‍රී සාවිත්‍ර රමාල් ද සිල්වාය.
අවුරුදු 22යි මාස 8න් මම මන්ත්‍රී වුණේ. දේශපාලනයට අවුරුදු 3ක් වෙනව. මට ලොකු දේශපාලන දැනුමක් නැහැ. 2005 ජනාධිපති තුමාගෙ දේශපාලනය මම දැක්ක. මම කන්න දුන්න අත හපා කන්නෙ නැහැ. මම මෙතනට ආවෙ මේ පක්ෂයට එකතු වෙන්න. හැබැයි මම දැන් එකතු වෙන්නෙ නෑ.
ඕක කියන්න ඇයි මෙතනට ආවෙ?
මෙතන තමයි ඒකට සුදුසු තැන...
ඒ කියන්නෙ මෙතන ප්‍රජාතන්ත්‍රවාදය තියෙනව...?
වෙන්නෑ... මෙතන මනුස්සයකුට කිසිම දෙයක් වෙන්නෑ... මෙතන මම දැක්කෙ තනිකරම පළිගැනීමේ චේතනාව...
ඒ කියන්නෙ මෙතන ප්‍රජාතන්ත්‍රවාදය තියෙනව කියල ඔයා පිළිගන්නව නේද?
මෙතන මම හිතන්නේ නැ පිළිගන්නව කියල
ඔබතුමා මේ විදියට කතා කරන්නෙ මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන නිසානෙ.
මම දකින විදියට මම කියන්නෙ.. මම තරුණයෙක් විදියට දකින දේ තමයි මම කියන්නෙ.. ඔයගොල්ලන්ට හිනාවෙන්න පුළුවන්... බෝම්බ පුපුරන්නෙ නැතුව මේ වගේ රැස්වීමක් හරි තියෙන්නෙ යුද්දෙ නැති නිසා....
ඔයා වගේ විරුද්ධ පක්ෂෙක කෙනෙකුට ඩාර්ලි පාරේ තියෙන රුසුවීමකට ගිහින් මෙහෙම කතා කරන් පුළුවන් කියල හිතනවද?
මට පැහැදිළි මදි......
තේරෙනව... තේරෙනව....
මට මෙච්චරයි කියන්නතියෙන්නෙ ඔයගොල්ලො ගුවන් පාලමක්වත් හැදුවෙ නැහැ. මට මෙච්චරයි කියන්න තියෙන්නෙ..... මෙච්චරයි (මේසයට ගසමින්) මම එදත් ජනාධිපති තුමාට අදත් ජනාධිපති තුමාට..... මෙතන තියෙන්නෙ වෛරය ක්‍රෝධය......
අනතුරුව ඔහු වාඩිවී සිටි පුටුවද පෙරළාගෙන් සභාවෙන් පිටව ගොස් තිබේ.
ඔහු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූවේ මෙම ලියවිල්ල පෙන්වා බවයි එහිදී ප්‍රකාශ කෙරුනේ.






No comments:
Post a Comment