එම පොලිස් නිලධාරියාට සේවය අතහැර යාමේ නියෝගය නිකුත් කර ඔහුට විමර්ශනයක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
පෙරේදා (22) දින මෙම ස්ථානාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ල වන බලපෑම් නිසා තමන් වඳූරඹ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳූරඹ පිහිටි වේදිකාවට සහ සැරසිලිවලට ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධ සිද්ධියෙන් පසු ස්ථානාධිපතිවරයා සිය අස්වීමේ ලිපිය පොලිස්පතිවරයාට එවා තිබු‚.
කෙසේ වෙතත් පොදු අපේක්ෂක රැලියට සිදු වූ අලාභය සම්බන්ධයෙන් ඊට නිසි ලෙස ආරක්ෂාවක් නොයෙදීමේ චෝදනාව මත පොලිස්පති නියමයෙන් වඳූරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට එදිනම පරීක්ෂණයක් ආරම්භ විය.
චාමර අමරසූරිය

No comments:
Post a Comment