අතුරුගිරියට ගුවන්යානයේ අභිරහස මුද්‍රණ යන්ත්‍රයක්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

අතුරුගිරියට ගුවන්යානයේ අභිරහස මුද්‍රණ යන්ත්‍රයක්ද?

පසුගියදා කොට්ටාව ප්‍රදේශයේදී කඩාවැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් යානය පිළිබඳව නිසි පරීක්ෂණ නොපැවැත්වෙන තත්වයක් තුළ ජනතාව අතර විවිධ ආරංචි පැතිර යමින් තිබේ. 

එවැනි එක් ආරංචියකින් හෙළිවන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාගතකර තිබූ අභිරහස් මුද්‍රණයන්ත්‍රය මෙම ගුවන්යානයෙන් ප්‍රවාහනය කරමින් තිබුණු බවය.

එසේ ප්‍රවාහනය කිරීමේදී ඇතිවූ ගැටළුකාරී තත්වයක් මත යානය බිඳවැටී ඇති අතර යානය කඩාවැටුනු ප්‍රදේශදේ තිබී සොයාගන්නා ලද කැබලි
අතර ගුවන් යානයේ නොවන කොටස් තිබී ඇති බවත් ප්‍රදේශවාසීන් ඒවා සිහිවටන වශයෙන් ගෙනගොස් තිබෙන බවත් කියවේ. 

එදින කටුනායක ගුවන්තොටුපොළේ සිට ගුවන් ගතවූ මෙම යානය රත්මලාන ගුවන්තොටුපළින් ගොඩබෑමට නියමිතව තිබුණේය. මෙය පියාසර කර ඇත්තේ ඉතා පහතින් බව වැලිවේරිය සහ කඩුවෙල ආශ්‍රිත ජනතාව දැක තිබේ. 

එහි ගමන්ගත් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයේ පස්දෙනාම ජීවිත්ක්ෂයට පත්වූ අතර ගුවන්යානය පිළිබඳ ජනතාවගේ අවධානය ජනාධිපතිවරණයේ උණුසුමට යටවන්නට ඉඩ හැර ඇති බව මේ වනවිට පැහැදිළි වී තිබේ.

hotandfastnews.com ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad