බෙකම් පියපුතු රිය අනතුරක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

බෙකම් පියපුතු රිය අනතුරක

එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ 15 හැවිරිදි පුතු බෘක්ලීන් ගමන් ගත් රිය අනතුරකට ලක්වී ඇත. 

පාපන්දු තරගයකට සහභාගිවූ තම පුත්‍රයා රැගෙන යළි තම නිවෙස වෙත ගමන් කරමින් සිටිය දී ඔවුන්ගේ මෝටර් රථය තවත් රථයක ගැටීමෙන් මේ අනතුරු සිදුවී ති‍බේ.

මේ අනතුරෙන් පියපුතු දෙපල දිවි ගලවා ගැනීමට සමත්වූ අතර අනතුරට ලක්වූ අනිත් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන්ට ද කිසිදු තුවාලයක් සිදුවී නැතැයි වාර්තාවේ.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ මේ අනතුර සිදුවූ මොහොතේ පියපුතු දෙපල නිරුපද්‍රිතව මෝටර් රථයෙන් පිටතට පැමිණිය ද ඔවුන් ගමන් ගත් බෙකම්ගේ අවුඩි ආර්.එස්.6 මෝටර් රථයට නම් දැඩි හානි සිදුවී ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *