එක්කෝටි පනස් ලක්ෂයක භාරකරු 'මෛත්‍රී' ද 'මහින්ද' ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 8, 2014

එක්කෝටි පනස් ලක්ෂයක භාරකරු 'මෛත්‍රී' ද 'මහින්ද' ද

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති තනතුරට අනුව අද නාමයෝජනා බාරදෙනු ලබන්නේ හත් වැනි ජනපතිවරණය සඳහායි.

මෙහිදී අනාගත පාලකයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූවකි(15,044,490).

වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිටින දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එම ගණන දහසය ලක්ෂ තිස්හත් දහස් පන්සිය තිස් හතකි(1,637,537).වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිටින මැතිවරණ කොට්ඨාශය හෝමාගමය.

එහි ඡන්දදායකයන් ගණන එක්ලක්ෂ හැත්තෑහතරදහස් නවසිය නවයකි(174,909).අවම ඡන්දදායකයන් සිටින දිස්ත්‍රික්කය වන්නිය වෙයි.එහි සිටින පිරිස දෙලක්ෂ පනස්තුන්දහස් පනස් අටකි(253,058).කයිට්ස් අඩුම ඡන්දදායකයන් සිටින මැතිවරණ කොට්ඨාශය වන අතර එහි ගණන විසිදෙදහස් පනස් හතකි(22,057).

බස්නාහිර පළාත- කොළඹ දිස්ත්‍රික්කය


මෙම පළාතේ වැඩිම ඡන්දදායකයන් සිටින හෝමාගම(174,909) අයත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටය.දෙවන ස්ථානය ගෙන ඇත්තේ කඩුවෙලය(173,355).තුන්වන තැනට පත්ව ඇත්තේ කැස්බෑව මැතිවරණ කොට්ඨාශයයි(164,774).මෙම දිස්ත්‍රික්කයට අයත් ආසන ගණන පහළොවකි.මෙම දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි මුලු ඡන්දදායකයන් ගණන 1,586,598කි.2013 වසර වනවිට මෙහි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 1,534,598ක් පමණි.

උතුරු කොළඹ   89,771
මැද කොළඹ      131,482
බොරැල්ල          60,109
නැ.කොළඹ       66,941
බටහිර කොළඹ  40,609
දෙහිවල            59,812
රත්මලාන          66,793
කොළොන්නාව   20,617
කෝට්ටේ          74,934
කඩුවෙල           173,355
අවිස්සාවේල්      117,472
හෝමාගම         174,909
මහරගම            129,801
කැස්බෑව            164,774
මොරටුව            115,219

බස්නාහිර පළාත-ගම්පහ දිස්ත්‍රික්කය


වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිටින  ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන දහතුනක් ඇති අතර ඉන් දොළහකම ඡන්ද සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි.කැලණිය අඩුම ඡන්දදායකයන් පිරිසක් සිටින මැතිවරණ කොට්ඨාශය වන අතර එය 90,122කි.මෙම දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි මුලු ඡන්දදායකයන් ගණන1,637,537කි.2013 වසර වනවිට මෙහි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 1,577,002කි.

වත්තල        120,471
මීගමුව         106,213
කටාන         143,885
දිවුලපිටිය      108,529
මීරිගම          124,679
මිනුවන්ගොඩ 132,981
අත්තනගල්ල 133,023
ගම්පහ          147,280
ජා ඇල         143,843
මහර            149,453
දොම්පේ       115,356
බියගම          121,702
කැලණිය        90,122

බස්නාහිර පළාත-කළුතර දිස්ත්‍රික්කය


කලුතර දිස්ත්‍රික්කයේ ආසන අටක් ඇති අතර ඉන් හතකම ඡන්දදායකයන් ලක්ෂය ඉක්මවා සිටී.බණ්ඩාරගම(133,887) වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිටින අතර අඩුම පිරිස සිටින්නේ බුලත්සිංහලය(82,123).මෙම දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි මුලු ඡන්දදායකයන් ගණන 897,347කි.2013 වසර වනවිට මෙහි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 876,179ක් පමණි.

පානදුර        114,828
බණ්ඩාරගම  133,887
හොරණ       122,511
බුලත්සිංහල      2,123
මතුගම         108,996
කලුතර         117,931
බේරුවල       117,033
අගලවත්ත     100,040

(මධ්‍යම පළාතේ ඡන්දදායකයන්ගේ තොරතුරු හෙට බලාපොරොත්තුවන්න.)

 (සටහන- මහේෂ් බණ්ඩාර) 

No comments:

Post a Comment

Post Bottom Ad