එදා ප‍්‍රභාකරන්න කල දේ අද ආණ්ඩුව කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී ඔහු මෙසේද අදහස් පල කලේය.
‘උතුරේ දෙමළ ජනතාව සියයට අසූවක් ජන්දෙ දුන්නෙ දෙමළ ජාතික සන්ධානයට. එක්සත් ජනතා නිදහස් සන්ධානයට 20්‍රයි. යුද්ධය නැතිවීම ගැන දෙමළ ජනතාව සතුටුයි. යුද්ධය අවසන් වූවත් දෙමළ ජනතාවට අභිමානයක් ලැබී නැහැ. සාමය සමෘද්ධිය නැහැ.
අපට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ වී නැහැ. ජාත්‍යන්තර ප‍්‍රජාවට ලබාදුන් පොරොන්දු ඉටුකළේ නැහැ. ඒ නිසා අය වැය පොරොන්දු ඉටුකරයි කියා සැකයක් අපට තිබෙනවා.
යාල්දේවි දුම්රිය ආරම්භ කිරීම හොදයි. ඒ ගැන ඉන්දීය රජයට අප ස්තූතිකරනවා. උතුරට එන විදේශිකයන්ට දැන් වීසා දෙක ගන්න වෙලා. ප‍්‍රභාකරන් කළේත් එයයි.
ප‍්‍රභාකරන්ට චෝදනා කරන ඔබලා ඔහු කළ දේ කරන්නේ ඇයි? උතුර වෙනම රාජ්‍යක් ලෙස සලකන්නේ ඇයි? මේක අය වැයක් නොවේ මැතිවරණ ප‍්‍රකාශයක් බව මා පවසනවා’
Thursday, October 30, 2014
අදා ප‍්‍රභාකරන් කල දේ අද ආණ්ඩුව කරනවා – TNA
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment