හම්බන්තොට වරාය 100 වන නැවටත් තෙල් පුරවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

හම්බන්තොට වරාය 100 වන නැවටත් තෙල් පුරවයි

හම්බන්තොට වරායෙන් ‘ගෙල්බ්‍රේ එක්ස්ප‍්‍රස්’ නෞකාව සදහා ඉන්ධනා ලබා දෙනමි සිය වැනි නෞකාවටත් ඉන්ධන ලබාදීමේ සාර්ථක කඩ ඉම පසු කළ  බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වරායට පැමිණි  මෙම නෞකාව  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රීම්මැන්ටල් වරායේ සිට ඊශ‍්‍රායලයේ එලයිට් වරාය දක්වා පශු සම්පත් ප‍්‍රවාහනයේ යෙදෙන අතර මෙහි නැව් භාණ්ඩ ලෙස ගවයන්  4315ක් ප‍්‍රවාහනය කර ඇති  බවද පවසයි.

ලබාදීමේ අනෙක් වැදගත් කාරණය ලෙස වරාය අධිකාරිය පෙනවා දෙන්නේ සීමිත වෙලාවක් තුළදී අදාළ ඉන්ධන ලබාදීම සිදුකොට තිබීමයි.  ඒ අනුව නෞකාව වරාය වෙත ඇතුළු වී පැය 4ක් වැනි කෙටි කාලයක් තුළදී ඉන්ධන මෙ.  ටො.  400 ක් ලබාගෙන පිටව ගොස් ඇති බවද කියයි.

නාවික සේද මාවතේ ගමන් ගන්නා නෞකාවල අපේක්ෂාව වන කාර්යක්ෂමව ඉන්ධන ලබාගැනීමේ හැකියාව මාගම් රුහුණුපුර වරායට ඇති බව මේ අනුව අනාවරණය වන බවද වරාය අධිකාරිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad