පිටසක්වළ ජීවය පිළිබඳ විශ්වාසය අදහන ආගමින් ආගමටත් වෙනස් වන බව ඇමරිකාවේ වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඬේවිඞ් වෙයින්ට්‍රෝබ් පවසයි.
ඔහු විසින් රචනා කර ඇති ආගම් සහ පිටසක්වළ ජීවය නම් පර්යේෂණ කෘතියක මේ බව දැක්වේ. ඇමරිකානු ජනතාව සහභාගී කරගනිමින් සිදුකර ඇති සමීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ අදේවවාදීන්ගෙන් 55%ක් පිටසක්වළ ජීවය ඇතැයි විශ්වාස කරන බවයි.
මුස්ලිම්වරුන්ගෙන් 44%ක්ද, යුදෙව්වන් 37%ක්ද, හින්දු ලබ්ධිකයින් 36%ක් සහ කිතුණුවන් 32%ක් මනුලොවින් පිටත ජීවය පවතින බව පිළිගන්නා බව ඉන් අනාවරණය වී ඇත.
ආසියානු ආගමිකයන් පිටසක්වළ ජීවය දුෂ්කරතාවයකින් තොරව පිළිගන්නන් බව වෙයින්ට්‍රෝබ්ගේ අදහසයි. මිනිසුන් මරණින් පසු වෙනත් ලෝකවල උපත ලබන බව හා එම ලෝකවල වැසියන් පෘථිවි ජීවීන්වී ඉපදෙන බව ඇතැම් හින්දු චින්තකයින් පවසා තිබේ.
බෞද්ධාගමේදී පිටසක්වළ ලෝක දසදහස් ගණනක් පිළිබඳව සඳහන්වී ඇත. කුරානයේද පිටසක්වළ ජීවීන් පිළිබඳ සඳහන්ව ඇති නමුත් ඉස්ලාමය මිනිසුන් සඳහා දෙසූ දහමක් බව බොහෝ ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය බව පැවසේ.
යුදෙව් දහම පිටසක්වළ ජීවීන් පිළිබඳ ප‍්‍රශ්නය ගණනකට නොගන්නා අතර මහාචාර්ය වෙයින්ට්‍රෝබ් පවසන්නේ කිතුණුවන් අතරින් මේ පිළිබඳ අවධානය වැඩිවශයෙන් දක්වා ඇත්තේ රෝමානු කතෝලිකයින් බවයි.
එවැන්ජලිකල් හා මූලධර්මවාදී කි‍්‍රස්තියානි නිකායන් පිටසක්වළ ජීවයක් පිළිනොගන්නා බව පැවසේ.
Thursday, October 30, 2014
පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසය ආගමින් ආගමටත් වෙනස්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment