නැණසල මධ්‍යස්ථානයන්හි වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන්නන් සදහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අනුමැතිය සහිත සහතික පතක් ලබා දීමට පියවර ගැණේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTASL) අතර මේ සදහා වන අවබෝධතා ගිවිසුමට නොබෝදා අත්සන් තැබිණි.
මේ අනුව නැණසල මධ්‍යස්ථාන වල වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන්නන්ට ජාතික වෘත්තීය පුහුණු තෙවන මට්ටමේ සහතික පතක් පිරිනැමේ.
මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පිහිටි එම අමාත්‍යංශයේදී සිදු විය.
එහිදී අදහස් දැක්වු විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා සදහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යුද්ධය නිමාකර රටට සාමය උදා කිරීමේ අභියෝගය ජයගත්තා සේම රටේ තොරතුරු සන්නිවේදන සාක්‍ෂරතාව ඉහළ නැංවීමේ අභියෝගයද මේ වන විට සාර්තකව ජය ගෙන ඇති බවයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එවකට අගමැතිව සිටියදී ආරම්භ කල නැණසල ව්‍යපෘතිය නිසා අද රටේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සාක්‍ෂරතාව සියයට පණහ ඉක්මවා ඇති බවත් නැණසල ව්‍යාපෘතිය ජාත්‍යන්තරයේ ඇගැයුමට ලක්වී ඇති බවත්ය.
යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේ අද නැණසල යනු ශ්‍රි ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා සම්මානයට පාත්‍ර වු ජනහිතවාදී වැඩසටහනක් බවයි.එවැනි වාතාවරණයක් තුල මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමට හැකි වීම අතිශයින් වැදගත් වන බවයි.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් එස්.ආර්.පී.රත්නායක යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළේය.
– ICTA
Thursday, October 30, 2014
නැණසල පාඨමාලා සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ සහතික පතක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment