හල්දුම්මුල්ලේ තවත් සිය ගණනක ජීවිත අනතුරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

හල්දුම්මුල්ලේ තවත් සිය ගණනක ජීවිත අනතුරේ

නායයාමේ බරපතල අනතුරක් පවතින කලාපයක් ලෙසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නම් කරනු ලැබ තිබෙන කොස්ලන්ද අවට ගම්මාන ගණනාවක වෙසෙන තවත් සිය ගණනක ජීවිත අහිමි වීමේ අනතුරක් පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

විශේෂයෙන්ම බෙරගල, හල්දුම්මුල්ල, කළුපහන, බත්ගොඩ සහ නාකැටිය ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන වතුකර දෙමළ ජනතාවටට එම ප්‍රදේශවලින් ඉවත් වන මෙන් දැනුම් දී තිබෙන බව බණ්ඩාරවෙල වෙසෙන මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පැවසීය.

මේ එක් ගම්මානයක අඩුම තරමින් දිළිඳු පවුල් 25 ක් වත් වෙසෙන බව ඔහුගේ තක්සේරුවයි. 

ඔවුන්ට සිය ගම්මානවලින් ඉවත් වන මෙන් දැනුම් දී තිබුනත් ඒ සඳහා ප්‍රදේශවාසී ජනතාවට උපකාර කිරීමට, එය සම්බන්ධීකරණය කිරීමට හෝ ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට දේශපාලන සහ වතු බලධාරීන් උත්සුක නොවූ බවත් ඔහු සඳහන් කරයි.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad