ලොව පුරා කොතැනකදී ත් භාවිතා කරන සිම් කාඩ් ඉතා අනාරක්ෂිත බව ජර්මනියේ බර්ලින් නුවර පිහිටි සෙකියුරිට්යි රිසර්ච් ලැබ් (Security Research Lab) ආයතනය පෙන්වා දී තිබේ.
සිම් කාඩ් එකක් වෙත විශේෂ ටෙක්ස්ට් මැසේජයක් එවා,එහි තොරතුරු සොරා ගැනීමට හා දුරකතන සංවාද ඇසීමට හැකි බව ඔවුන් පවසයි.
මෙම පර්යේෂණය කළ පරිගණක ආරක්ෂාව පිළිබඳව විශේෂඥයෙක් වන කර්ස්ටන් නෝල් මෙම විශේෂ ටෙස්ට් පණිවුඩය සකසා ඇත. මීටත් වඩා මෙය ඉතා සූක්ෂමව හැකර් කරුවන්ට කළ හැකි බවද ඔහු පවසයි.
එවිට මොබයිල් ඉන්ටනෙට් සම්බන්ධය ලබා ගන්නා උපාංග වල පටන් සාමාන්‍ය ජංගම දුරකතන දක්වා ඇති සෑම උපාංගයක්ම පාවිච්චි කරනා පුද්ගලයින් අනතුරට ලක්වේ.
දුරකතන හෝ වෙනත් සන්නිවේදන ජාලයක් හෝ යම් උපාංගයක් හදුනා ගන්නේත් එය සමග සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගන්නේත් සිම් (SIM – Subscriber Identity Module) කාඩ් එක හරහා ය.
සිම් කාඩ් එක සරල පරිගණකයකි. එයටම ආවේණික මෙහෙයුම් පද්ධතියකින් සහ ඉන්ස්ටෝල් කර ඇති මෘදුකාංග වලින් එය ක‍්‍රියාත්මකයි. සිම් කාඩ් එකෙහි ක‍්‍රියාත්මක වන්නේ සරල ආරක්ෂක යාන්ත‍්‍රණයකි.
Friday, October 24, 2014

SMS එකක් එයි පරිස්සම් වන්න!
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment