ලොව ම හඳුනන සුපිරි නිළි ඇන්ජලීනා ජොලීගේ පියයුරු ඉවත් කිරීමේ සැත්කම ලෝකයට ම පියයරු පිළිකා මතක් කර දුන්නේ ය. ඒ මීට වසරකට පමණ ඉහත දී ය.
ඇන්ජලීනාගේ කතාවේ පරම්පරාගත පියයරු පිළිකාව සම්බන්ධයෙන් කතා කළ ද මේ වනවිට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව පරම්පරාගත පියයුරු පිළිකා සුලබ නොවේ. වැඩි වශයෙන් හඳුනාගත හැක්කේ පරම්පරාවෙන් උරුම නොවන පියයුරු පිළිකා තත්ත්වයන් ය.
ඒ හේතුවෙන් ම පියයුරු පිළිකා ඇතිවීමට අවදානමක් ඇති කරන හේතු සොයා ලෝකය පුරා පර්යේෂණ පැවැත් වේ. තුලෑන් විශ්වවිවද්‍යාලයේ ස්ටීවන් හිල්ගේ මෙහෙයවීමෙන් පර්යේෂණ පවත්වන පිරිස ද කාලයක් තිස්සේ එවැනි පර්යේෂණයක් පවත්වා ඇත.
ඔවුන්ගේ පර්යේෂණ සිදු කෙරී ඇත්තේ පියයුරු පිළිකාවට ඔසුවක් ලෙස යොදා ගන්නා ටැමොක්සිෆෙන්වලට (Tamoxifen) ඇතිවන ප්‍රතිරෝධීතා සම්බන්ධයෙනි. සිදු කළ පරියේෂණවල දී ඔවුන් හඳුනාගෙන ඇත්තේ මෙලතනීන් (Melatonin) නමැති හෝමෝනය ටැමොක්සිෆෙන්වලට ප්‍රතිරෝධයක් දක්වන බවයි.
මෙලතනීන් පියයුරු පිළිකා සෛලවල ක්‍රියාකාරීත්වය නවතා දැමීමට හෝමෝනයකි. එහෙත් මෙලතනීන් ක්‍රියාත්මකවන්නේ රාත්‍රී නින්දේ දී ය. රාත්‍රී නින්දේ දී ඇති අඳුරු වටපිටාව මෙලතනීන් ක්‍රියාකාරීත්වයට රුකුල් දෙයි.
එම පර්යේෂණය සිදු කර ඇත්තේ සතුන් යොදාගෙන ය. මුල් අදියරේ දී සතුන් දවසෙන් පැය 12 ක් ආලෝකය යටතේ ද ඉතිරි පැය 12 සම්පූර්ණයෙන් අඳුරේ ද තබා තිබේ.
අනතුරු ව දෙවැනි අදියරේ දී මුල් පැය 12 ආලෝකයෙත් දෙවැනි පැය 12 මද ආලෝකය යටතේත් තබා තිබේ. දෙවැනි අදියරේ දී පර්යේෂණයට ලක් කළ සතුන් තුළ මෙලතනීන් ක්‍රියාකාරීත්වයේ වෙනස හඳුනාගෙන ඇත.
පර්යේෂකයින්ට අනුව මිනිස් සිරුර හැඩ ගැසී ඇත්තේ පැය 12 ක් අඳුරේ ගත කිරීමට ය. එහෙත් මේ වනවිට බොහෝ කාන්තාවන් රාත්‍රියට මද අලෝකය යටතේ නින්දට යාමට හුරුවීමත්, රාත්‍රී වැඩ මුරුවල යෙදීම හෝ රාතියේ දී පරිගණකවල වැඩකටයුතු යෙදීම හේතුවෙන් මෙලතනීන්වල ක්‍රියාකාරීත්වය නතර වේ.
එවිට පියයයුරු පිළිකා සෛලවල ක්‍රියාකාරීත්වය ඇරඹේ. රාත්‍රී අඳුර අහිමිවීමෙන් පියයුරු පිළිකා අවදානම අහිමිවන්නේ ඒ නිසාවෙනි. රාත්‍රී කාලය ශරීරයට අවශ්‍ය පරිදි අඳුරේ ගත කිරීම පියයුරු පිළිකා අවදානම අඩු කරන බව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත්තේ මෙම තොරුතුරු ඔස්සේ ය.
Friday, October 24, 2014

අඳුර ඔබේ පිළිකාව සුව කරයි
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment