පැයකට ඉල්ලිම් (requests) 31,000ක් මීළඟ Facebook තැන "එලෝ" ටද?
පාපැදි වෙළඳ සැළක හිමිකරුවකු වන පෝල් රෙල්වානෝ ඔහුගේ මිතුරන් පිරිසකට පමණක් භාවිතා කිරීමට තැනූ සමාජ ජාල වෙබ් අඩවියක් මේ වනවිට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
පසුගිය අගෝස්තු 7 වැනිදා හඳුන්වා දුන් එලෝ (Ello) නැමති නව සමාජ ජාල වෙබ් අඩවියට පැයකට ඉල්ලිම් (requests) 31,000ක් පමණ ලැබෙන බව එහි නිර්මාතෘ පෝල් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
එලෝ සමාජ ජාල වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් අඩංගු නොකිරීමත් වෙබ් අඩවිය භාවිතා කරන්නන්ගේ දත්ත විකිණීම සිදු නොකිරීමටත් පොරොන්දු වී ඇති නිසා එය බොහෝ දෙනෙකු හඳුන්වන්නේ "ඇන්ටි
ෆේස්බුක්" නොහොත් ෆේස්බුක් විරෝධී වෙබ් අඩවියක් ලෙස වේ.
එහෙත් එම වෙඩ් අඩවිය අනාගතයේදී එහි අඩංගු වන features විකිණීමෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජාතික බඩ්නිට්ස් පවසා තිබෙනවා.
අනෙකුත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි හා සැසඳූ කල එලෝ වෙබ් අඩවිය බැලූබැල්මට පරිශ්‍රීලක මිත්‍ර (user-friendly) වෙබ් අඩවියක් ලෙස දිස් නොවේ. නමුත් එය සරලය, ඉක්මන්ය.
Thursday, October 2, 2014
Facebook අභිබවා යන්නට Ello නමින් සමාජ ජාල වෙබ් අඩවියක්.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment