වෑන් රථයේ පසුපස අසුන ඇඳක් කරගෙන සිසුවිය නිරුවත් කර අශෝභන හැසිරීමක යෙදුණු රියදුරා. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

වෑන් රථයේ පසුපස අසුන ඇඳක් කරගෙන සිසුවිය නිරුවත් කර අශෝභන හැසිරීමක යෙදුණු රියදුරා.

සිසුවියගේ විළි වැසුවේ  පොලිස් කාන්තාවක් 

ලෝක ළමා දිනය යෙදුණ ඊයේ මහනුවර ප්‍රධාන පෙලේ බාලිකා විදුහලක 17 හැවිරිදි සිසුවියක හා තරුණයෙකු මහනුවර වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල වෑන් රථයක් ඇතුලේ අඹුසැමියන් ලෙස හැසිරෙමින් සිටියදී පොලිසියට හසුවූ සිද්ධියක් අපවෙත වාර්තා වනවා.

නවතා ඇති වෑන් රථයේ අතවරයක් වැනි කිසියම් දෙයක් සිද්ධවන බවට අවට ප්‍රදේශවාසීන්ට ඒත්තු ගියත් වීදුරු අඳුරු කර ඇති නිසා සියල්ල හරි හැටි දර්ශනය වී නැත. වෑන් රථයක් තුළ දෙදෙනෙකු අශෝභන ලෙස හැසිරෙන බවට පොලීසියට ප්‍රදේශ වාසියෙකු දැනුම්දුන්නේ ඉන් පසුවයි. 

පොලීසිය ගොස් වෑන් රථය වටලා පරීක්ෂා කරද්දී සිසුවිය හා රියදුරා උපන් ඇඳුමින් නිරුවත්ව සිටි බවත් ඔවුන් වෑන් රථයේ පසුපස අසුන
සයනයක් බවට පත්කරගෙන අශෝභන හැසිරීමක යෙදෙමින් සිට ඇති බවත් කියැවුණා.

පොලිසිය වෑන් රථය වෙතට ආ විට අනපේක්ෂිත ලෙස පොලිසිය කඩා පාත්වුනේ ඇයි දැයි දෙදෙනාම ඇඳුම් සොයමින් මවිතවී වටපිට බලමින් විළි වසාගන්නට උත්සාහ කර ඇති අතර එහි ගිය කාන්තා පොලිස් නිලධාරිනියන් සිසුවියගේ විළි වසාගැනීමට උදව් කර ඇත. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ.

පොලීසිය කළ විමර්ශනවලදී අදාළ වෑන් රථය ගලගෙදර නුවර අතර දිවෙන පාසල් වෑන් රථයක් බවට අනාවරණය වී ඇත. මහනුවර ප්‍රධාන බාලිකා පාසලක උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි මෙම සිසුවියද එම වෑන් රථයේ ගමන් කරන අයෙකි. 

රියදුරු 26 හැවිරිදි විවාහක එක්දරු පියෙකි. ඇය මෙම රියදුරු සමග අනියම් සම්බන්ධයක් පවත්වන අතර ලෝක ළමා දිනයේ ඇය සමග වෑන් රථයේ විනෝදවන්නට යෝජනා කර ඇත්තේ රියදුරුය.

පාසල් සිසුවිය එදින පාසල් නොගොස් අමතර පංතියකට සහභාගී වන බවට බොරුවක් නිවසට පවසා නිවෙසින් පැමිණ ඇති අතර වෑන් රියදුරා ඇය එනතුරු මගබලා සිට පාළු ස්ථානයක වෑන් රථය නවතා මෙම ක්‍රියාව සිදුකරමින් සිට ඇත.

වෑන් රථයේ රියදුරා මහනුවර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර සිසුවිය ගැන දෙමාපියන්ටද දන්වා ඇයව රෝහල් ගත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad