රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියකු විසින් තමාට අමානුෂිකව පහරදීමට එරෙහිව හා ඒ පිළිබඳ පැමිණිල්ල බාර නොගනිමින් තම මානව හිමිකම් කඩ කිරීමට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තු වෙන් කෝටි පහක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා අද (02) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව පහර කෑමට ලක්වූ ඩබ්ලිව්.ඒ. කාන්තිලතා නොහොත් බට්ටී නමැත්තිය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ දින පැවසුවාය.
එහිදී වගඋත්තරකරුවන් ලෙස රත්නපුර පොලිසියේ පොලිස් ස්ථානාධි පතිවරයා, පොලිස්පතිවරයා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නම්කරනු
ලබන බවද පැවසුවාය.
ඊයේ (01) දින මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබුණේ ‘මිනිස් අවකාශයක් සඳහා සාමුහිකය’ විසිනි.
බට්ටි එසේ ක්‍රියාමාර්ග ගනිද්දී බටීට එරෙහිව රත්නපුර වැසියන්ද අද දිනයේ පාරට බැසීමේ සූදානමක් පවතී යැයි වාර්තා වේ. එහිදී ඔවුන් රත්නපුර ජනතාව දැනුවත්කොට තිබුනේ අත්පත්‍රිකාවක් නගරය පුරා බෙදා හැරීමෙනි.
Thursday, October 2, 2014
බට්ටි පොලිසීයෙන් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලයි.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment