ජයලලිතාට ලබාදුන් සිරදඬුවම සම්බන්ධයෙන් දැඩි කණස්‌සල්ලට පත් රැජිනිකාන්ත් දිවි නසා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

ජයලලිතාට ලබාදුන් සිරදඬුවම සම්බන්ධයෙන් දැඩි කණස්‌සල්ලට පත් රැජිනිකාන්ත් දිවි නසා ගනී

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනී ජයලලිතාට ලබාදුන් සිරදඬුවම සම්බන්ධයෙන් දැඩි කණස්‌සල්ලට පත් ඇයගේ ඒ අයි ඒ ඩී එම් කේ පක්‍ෂයේ ආධාරකරුවකු වන සී. රැජිනි කාන්ත් කෘමිනාශක පානය කර සියදිවි නසාගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා. 

කොයිම්බටෝර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි වියෙහි පසුවූ සී. රැජිනි කාන්ත් ඉකුත් සඳුදා සවස මෙසේ කෘමිනාශක පානය කර සියදිවි
නසා ගෙන ඇති අතර ඇලුමිනියම් කම්හලක සේවකයකු වන ඔහු කෘමිනාශක පානය කිරීමෙන් පසු ඇඳෙහි වැතිරී සිටි බවත් තමිල්නාඩු හිටපු මහ ඇමැතිනියගේ ඡායාරූපයක්‌ ළඟින් තබාගෙන සිටි බවත්
මියගිය අයගේ සොහොයුරා ප්‍රකාශ කර තිබෙනවා. 

මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ ජයලලිතාට හිමි සිරදඬුවම පිළිබඳ සැල වීමෙන් පසු සියදිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්‌වීමෙන් මියගිය සංඛ්‍යාව 18 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad