අයවැයෙන් කාර්, වෑන් මිල අඩු වේ.. සම්පූර්ණ විස්තරේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 25, 2014

අයවැයෙන් කාර්, වෑන් මිල අඩු වේ.. සම්පූර්ණ විස්තරේ මෙන්න

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

“මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“
යනුවෙන් ආටිගල මහතා කීය.

මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත. වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

– adaderanabiz.lk

No comments:

Post a Comment

Post Bottom Ad