රතන හිමියන් සෝභිත හිමි හා එක්වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

රතන හිමියන් සෝභිත හිමි හා එක්වේ..

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම වෙනුවෙන් ඒකාබද්ධ සටන් ව්‍යාපාරයක්  රට පුරා ක‍්‍රියාත්මක කිරීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් තීරණය කර තිබේ.

කෝට්ටේ ශ‍්‍රී නාගවිහාරයේදී ඇතිකරගත් පොදු එකගතාවයට අනුව මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සහ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සමබන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී කරුණු සාකච්ජා කළ මාදුළුවාවේ සෝභිත සහ අතුරලියේ රතන යන හිමිවරු ජනාධිපතිවරණයේදී තෙවැනි අපේක්ෂකයෙකුට  කිසිසේත් සහය නොදිය යුතු යැයිද අවධාරණය කළහ.

එසේම ඉදිරි ජනාධිපතිවරණ  පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් යම් යම් පොදු එකගතාවයන්ටද පැමිණ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad