ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ‍්‍රීලනිප නියෝජිතයන් හා ජිතික හෙළ උරුමය අතර පසුගිය 21 වැනිදා පැවති සාකච්චා විනාඩි 20ක පමණ කාලයකට සීමා වී ඇති බවත් එම සාකච්චාව අතරමගදී ජනාධිපතිවරයා කෝපයෙන් නැගිට ගොස් ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි.
21 වැනිදා සවස පහට පමණ ආරම්භ කරන ලද සාකච්චාව සඳහා ආරම්භයේදී ජනාධිපතිවරයා සහභාගී වී නැති අතර බැසිල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත, ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරුන් පමණක් සහභාගී වී ඇත.
එසේ සාකච්චාව ආරම්භ වී ටික වේලාවකින් ඊට සම්බන්ධ වී ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථා සංශෝධන කරන්නට දැන් කාලය නොමැති බවත් තමා ජනාධිපතිවරණය කැඳවන බවත් පවසා ඇත. අවශ්‍ය නම් හෙළ උරුමයේ යෝජනා මීළඟ ජනාධිපතිවරණයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයට ඇතුළත් කර ඒවා ඉටු කිරීම සලකා බැලිය හැකි බවද සඳහන් කර ඇත.
එම ප‍්‍රකාශය ගැන ජාතික හෙළ උරුමයේ පාර්හවයෙන් ඕමල්පේ සෝපිත හිමි හා අතුරලියේ රතන හිමි අදහස් දක්වද්දී ‘හෙළ උරුමය හදන්නේ මාව හිර කරන්න’ යයි පවසමින් ජනාධිපති රාජපක්‍ෂ මහතා සාකච්චා මේසයෙන් නැඟට ගොස් ඇතැයිද රාවය පුවත්පත් වාර්තාවේ දැක්වේ.
Friday, October 24, 2014

ජනපති නැගිට යයි.. සන්ධාන-හෙළ උරුම සාකච්චා අනතුරේ..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment