සුරූපී හොලිවුඞ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡයාරූප රැගත් වෙබ් අඩවි දෙකක් වාරණය කිරීමට ගූගල් සමාගම විසින් අසමත්වී ඇතැයි වාර්තා වේ.
සයිබර් හැකරුන් විසින් අත්පත් කරගනු ලැබූ සිනමා හා සංගීත තාරකාවන් ගණනාවකගේ නිරුවත් ඡයාරූප දහස් ගණනක් අගෝස්තු 31දා 4chan වෙබ් අඩවියේ පළ කෙරුනු අතර ඒවා ඉවත් කරන ලෙස නීතිඥ සමාගම් ගණනාවකගේ තර්ජන ගර්ජන වලින් අනතුරුව ගූගල් සමාගම ඒ පිළිබඳ ක‍්‍රියාමාර්ග ගැනීම ඇරඹූ බව පැවසේ.
ජෙනිෆ්ර් ලෝරන්ස් වෙනුවෙන් මිචෙල් සීබර්ග් සහ ක්නප් නීතිඥ සමාගම සිය සේවාදායිකාවගේ නිරුවත් ඡයාරූප අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ගූගල් සමාගමට දැනුම් දුන්නද ඒවා ඉවත් කර පැය කිහිපයකට පසු නව ඩොමේනයකින් ඒවා යළි පළ කර ඇත.
ගූගල්හි නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බි‍්‍රන් වෙත ලිපියක් ලියූ හොලිවුඞ්හි සුප‍්‍රකට නීතිඥ මාර්ටි සින්ගර් පවසා ඇත්තේ මෙම අපරාධයට ලක්වූ වින්දිතයින් ජනපි‍්‍රය පුද්ගලයින් වීම අන්තර්ජාල සමාගම ඊට එරෙහිව පියවර ගැනීමට ප‍්‍රමාදවූ හේතුව වූ බවයි.
සාධාරණය ඉටු කරනු වෙනුවට මෙම සිදුවීම ඩොලර් මිලියන ගණනක් උපයාගැනීමට ප‍්‍රස්තුතයක් කරගත් බව සින්ගර් චෝදනා කර ඇත.
ඉල්ලීම් කෙරුණු පසු පැය කිහිපයක් ඇතුළත තම සමාගම අදාළ ඡයාරූප දහස් ගණනක් ඉවත් කළ බව ගූගල්හි ප‍්‍රකාශකයකු පවසා ඇත.
තම නිරුවත් ඡයාරූප පළ කිරීම පිළිබඳව ජෙනිෆර් ලෝරන්ස් පෙරෙස් හිල්ටන් බ්ලොග් කරුවකුට චෝදනා කර ඇතැයිද පැවසේ.
Friday, October 24, 2014

ජෙනිෆර් ලොර්න්ස්ගේ නිරුවත් ඡයාරූප ඉවත් කිරීමට ගූගල් අසමත් වෙයි
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment