සිරියාවේ ගුවන් තහනම් කලාපයක් ගැන ඇමරිකානු අවධානය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

සිරියාවේ ගුවන් තහනම් කලාපයක් ගැන ඇමරිකානු අවධානය

සිරියාවට ඉහළින් ගුවන් තහනම් කලාපයක් පිහිටුවීම ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ට එරෙහි ඇමරිකාව ප‍්‍රමුඛ සන්ධානය විසින් අරඹා ඇති මෙහෙයුමේ අංගයක් විය හැකි බව ඇමරිකානු ඒකාබද්ධ හමුදා ප‍්‍රධානි ජෙනරාල් මාටින් ඩෙම්ප්සි පවසා තිබේ.

මේ අතර ඔහු අවධාරණය කර ඇත්තේ ප‍්‍රහාරවලින් ආරක්‍ෂා වීම සඳහා සටන්කාමීන් ජනතාව අතර මුහුවීම දක්‍ෂ ලෙස සිදුකරමින් ඇති බවයි.
සිරියාවේ ගුවන් තහනම් කලාපයක් පිළිබඳ තුර්කි අවශ්‍යතාවයට සවන් දීමට සූදානම් බව මින් පෙර ඇමරිකානු ආරක්‍ෂක ලේකම් චක් හෙගල් විසින්ද පවසා තිබේ.

උතුරු සිරියාවේ කුර්දි පාලන ප‍්‍රදේශ ඉස්ලාමික රාජ්‍ය විසින් අල්ලාගනිමින් සිටින අතර ඊට එරෙහිව වඩා සෘජු මැදිහත්වීමක් සඳහා ගුවන් තහනම් කලාපයක පූර්ව කොන්දේසියක් තුර්කිය විසින් ඉදිරිපත් කර ඇත.

බටහිර ගුවන් මෙහෙයුම් සඳහා දකුණු තුර්කියේ ඉන්සර්ලික් ගුවන් කඳවුර ලබාදීමට තුර්කිය විසින් කැමැත්ත පළ කළ බවද පසුගියදා වාර්තා විය.
සිරියාවේ ගුවන් තහනම් කලාපයක් පිහිටවුවහොත් ඇමරිකානු ගුවන් ප‍්‍රහාර සඳහා වන යුක්තිසහගත බව තවත් හීනවීමට නියමිත බව විචාරක අදහසයි.

මේ වන විට දියත් කරමින් ඇති මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ කිසිදු අවසරයක් ගෙන නැති අතර සිරියාවේ ඉලක්ක වලට පහරදීමට පෙර දමස්කස් රජයේ අවසරයද ලබාගෙන නැත.

එමෙන්ම එවැනි ක‍්‍රියාමාර්ගයක් සමග බටහිර ගුවන් ප‍්‍රහාරවල සැබෑ අරමුණ වන්නේ අසාද් රජය පෙරළා දැමීම බව යළි තහවුරු වන බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad