2013 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයත් දිවයිනෙන්ම දෙවන ස්ථානයත් හිමිකරගත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඉෂානි හිරුණිකා කොඩිතුවක්කු ශිෂ්‍යාවට ඇයගේ නිවස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ.
සෙත්සිරිපාය, බත්තරමුල්ලේ පිහිටි නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම නිවාස ආධාර ප්‍රදානය කෙරිණ.
විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජනසෙවණ” නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව ඉෂානි හිරුණිකා කොඩිතුවක්කු ශිෂ්‍යාවගේ අඩක් නිමකළ නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 3 ක නිවාස ආධාර මුදලක් අමාත්‍යවරයා අතින් මෙහිදී ප්‍රදානය කරන ලදී.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙහි මූල්‍ය දායකත්වය ලබාදී තිබේ.
20 වන වියේ පසුවන හිරුණිකා කොඩිතුවක්කු ශිෂ්‍යාව පදිංචි වී සිටින්නේ මහරගම දඹහේනපාර ප්‍රදේශයේය.
ඇය 2013 උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට ව්‍යාපාර අධ්‍යනය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව යන විෂයන් 3 සඳහා ඒ සාමාර්ථ ලබාගෙන Z – score අගය 2.6965 හිමිකරගෙන ඇත.
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ විශේෂ උපාධිය හැදෑරීමට සූදානම්ව සිටී. මෙහිදී අදහස් දැක්වූ ඉෂානි හිරුණිකා කොඩිතුවක්තු ශිෂ්‍යයාව “ මට අද මගේ නිවස ඉදිකරගන්න රුපියල් ලක්ෂ 3 ක නිවාස ආධාරයක් ලැබුණා.
මම අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවන ස්ථානයත් දිවයිනෙන් දෙවන ස්ථානයත් හිමිකර ගත්තා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණාකාධිකරණ විශේෂ උපාධිය හදාරන්න බලාපොරතේතු වෙනවා. මම එදිනෙදා පාසලේ ඉගැන්වූ කරුණු නැවත පාඩම් කළා.
ඊට අමතර පන්තිවලින් ලබාගත් දැනුමද පාවිච්චි කරලා විභාගයට හොඳින් ඉදිරිපත් වුණා. අධ්‍යාපනයෙන් මෙම ජයග්‍රහණය ලබාගැනීමට දෙමව්පියන්, ගුරුවරු, ඥාතීන්, යහළුවන් මට සහයෝගයක් ලබාදුන්නා. මට මේ ජයග්‍රහණය හිමිකරගැනීමට නිවසක අඩුපාඩුව විශාල ලෙස බලපෑවා.
මට පාඩම් කිරීමට, පොත් තබාගැනීමට කාමරයක් තිබුණේ නැහැ. මගේ නිවසේ කොටසක් පමණක් ඉදිකරලා තිබුණේ. නමුත් ඒ අඩුපාඩු මගේ ජයග්‍රහණයට බාධාවක් කරගත්තේ නැහැ. මේ ලැබුණු නිවාස ආධාරයෙන් නිවස අංග සම්පූර්ණව ඉදිකරගන්න බලාපොරොත්තු වෙනවා.
මට නිවාස ආධාරය ලබාදුන් විමල් වීරවංශ ඇමතිතුමාට මගේ ගෞරව ස්තූතිය පුදකර සිටිනවා. මම නංගිලා මල්ලිලාට කියන්නේ ඔයගොල්ලන්ට තියෙන බාධාවන් ගැන හිතන්නේ නැතිව අධ්‍යාපනයෙන් හා අනෙකුත් හැකියාවන් හා දක්ෂතාවයන් මතින් ඉහළට ගියොත් මට වගේ ඔය අයටත් සහයෝගය ලබාදෙන්න විමල් වීරවංශ ඇමතිතුමා වැනි නායකයින් සිටිනවා කියලා ” යනුවෙන් ද පැවසුවාය.
– Con. media
lanka C news
Tuesday, October 14, 2014
හිරුණිකාගේ නිවසේ ඉතුරු කොටස විමල් හදා දෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment