වතුකරයේ ජනතාව සඳහා ලැයිම් කාමර වෙනුවට නව නිවාස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 10, 2014

වතුකරයේ ජනතාව සඳහා ලැයිම් කාමර වෙනුවට නව නිවාස

http://ift.tt/eA8V8J

ඉන්දියානු රජයේ මුල්‍ය අනුග්‍රහය ඇති ව වතුකරයේ වෙසෙන වතු කම්කරු ජනතාව සඳහා ඔවුන් ජීවත් වන ලැයිම් කාමර වෙනුවට නව නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරිණ.
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය, ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ සංකල්පය මත මෙම නිවාස ව්‍යාප්තිය සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් කෙරෙන කාර්යයන් පිළිබඳ සාකච්ඡාවක් පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු උසස් කොමිෂන් සභාවේ දෙවන ලේකම් ඒ. චන්දු මහතා, කණ්ඩායම් නායක ඩී.වී.එස්. මූර්ති මහතා හා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රාජත් ජෙයින් මහතා මෙම සාකාච්ඡාව සඳහා එක් ව සිටියහ.
– news.lk


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad