ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් භාවිතා කරනු ලබන නවතම පතරොම් ඇමරිකාවේ නිෂ්පාදනය කර ඇති ඒවා බව අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.
යුධ අවි පර්යේෂණ කණ්ඩායම විසින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර ඒ සඳහා ඔවුන් උතුරුදිග සිරියාවේ සහ උතුරු ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් සටන් වැදුණු ස්ථාන 4කින් මූනිස්සම් සහ පතරොම් කොපු 1700ක් රැස් කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා ඔවුන් කුර්දි පෙෂ්මෙර්ගා ස්ව-ආරක්‍ෂක හමුදාවන් සමග සහයෝගිතාවයෙන් කටයුතු කර තිබේ.
යුධ අවි පර්යේෂණ කණ්ඩායම විසින් රැස් කළ උණ්ඩ අතර 1945 සිට 2014 දක්වා කාලසීමාව තුළ රටවල් 21ක නිෂ්පාදනය කර ඇති ඒවා තිබී ඇත.
සිරියාව තුළදී ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් භාවිතා කර ඇති උණ්ඩ බොහොමයක් සෝවියට් දේශයේ හෝ චීනයේ නිෂ්පාදිත 1970-80 දශකවලට අයත් වේ.
ඉරාකයෙන් හමුවී ඇති උණ්ඩ වලින් බහුතරයක් ඇමරිකානු හමුදා එහි රැුඳී සිටි සමයේදී ඇමරිකාව තුළ නිෂ්පාදනය කර ඇති ඒවා බව පැවසේ.
සදාම් හුසේන් පාලනය පෙරළා දැමීමෙන් පසු ඇමරිකාව විසින් ඉරාක හමුදා බලය ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.
මේ අනුව ඉරාක හමුදාවන් විසින් හැරදමා ගිය හෝ පහරදී අල්ලා ගත් පතරොම් ඉස්ලාමික රාජ්‍ය මෙහෙයුම් සඳහා භාවිතා කරන බව තහවුරු වී ඇත.
මේ අතර ඉරානයේ නිෂ්පාදිත උණ්ඩද හමුවී ඇති අතර අවි අපනයනය කිරීම ඉරානයට තහනම් කර ඇති තත්වයකදී මෙය එක්සත් ජාතීන්ගේ නියෝග උල්ලංඝනය කිරීමක් විය හැකි බව විචාරකයන්ගේ අදහසයි.
lanka C news
No comments:
Post a Comment