ඇමති ටී.බී. ගේ අඩි ගැලවුනු ඩොලර් බිලියනයේ සපත්තුවලට හරීන්ගෙන් අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 10, 2014

ඇමති ටී.බී. ගේ අඩි ගැලවුනු ඩොලර් බිලියනයේ සපත්තුවලට හරීන්ගෙන් අභියෝගයක්

http://ift.tt/eA8V8J

සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක මහතා විසින් පැවසූ පරිදි ඔහුගේ අඩි ගැලවුණු සපත්තු දෙක ඩොලිර් බිලියනයකට නොව සපත්තු මහන කෙනෙක්වයත් නොගන්නා බව ඌව පළාත් විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ යාපහුවේ පැවති ජනහමුවක් අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය.
‘ඉරිච්ච දිරච්ච සපත්තු දෙකක් දාගෙන චීන ජනපති, අගමැති බලන්න යන ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඉන්න මැතිරණ කොට්ඨාශයක් යාපහුව. මෙහෙ ඇමතිතුමා කියලා තිබුණා එතුමාගේ කබල් සපත්තු ජෝඩුව රුපියල් කෝටි පහකට ගන්න ඉල්ලලා තියෙනවා කියලා. මම එතුමාට අභියෝග කරනවා ඒ සපත්තු දෙක පුළුවන් නම් රුපියල් කෝටි පහකට විකුණලා පෙන්වන්න කියලා
ඔය ටී.බී. ඇමතිතුමාගේ සපත්තු දෙක කොම්පඤ්ඤවීදියේ සපත්තු මහන කෙනෙක්වත් ගන්නෙ නෑ.  මේවා ගම්වල ඉන්න ජනතාව රවට්ටන්න කියන කතායි. ඔය ඔක්කොම බොරු චූන් කතා.  සපත්තු දෙකක්වත් නැති ඇමතිවරු ඉන්න ආසනයක් මේක. කීර්ති ෆොන්සේකා නව සංවිධායකතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා සපත්තු දෙකක් අරගෙන ඔය සපත්තු දෙකක් නැති ඇමතිට තෑගි කරන්න කියලා’


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad