රනිල් මට ඉඟි කලා.. මගෙත් අකමැත්තක් නෑ – ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

රනිල් මට ඉඟි කලා.. මගෙත් අකමැත්තක් නෑ – ෆොන්සේකා

http://ift.tt/eA8V8J

එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහායද අපේක්ෂා කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ඉඟි කරන ලදැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

තවමත් නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවති නමුත් එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විරුද්ධ පක්ෂ වරින් වර නිල නොවන ආකාරයෙන් සාකච්ඡා පවත්වන බව සඳහන කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, රට බේරා ගැනීම විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල අරමුණ බවත් සඳහන් කළේය.

“ඒ අරමුණේදී යම් යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු පියවර කවරක් දැයි පක්ෂය තවමත් අවසාන තීරණයකට එළැඹි නොමැති බවත් සරත් ෆොන්සේකා කියා සිටියේය.

වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දීම මගින් සිය පක්ෂයේ පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙන බව කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, එසේ පසුබෑමක් ඇති නොවන්නේ නම් පක්ෂය පොදු අපේක්ෂකයකුට සහාය දීමට ඉඩ තිබෙන බව සඳහන් කළේය.

සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කළ සරත් ෆොන්සේකා, සිය පක්ෂයේ නායකයාගේ ‘කකුලෙන් අදින ආකාරයට’ සිය පක්ෂයේ කටයුතුද අඩාල කිරීමට උත්සාහ නොකරන මෙන් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“මහත්මා දේශපාලනයක් කරන්න කියලා අපි එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

– BBC



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad