රථ වාහන ඒකකයේ පොලිස් නිළධාරීහු කිහිප දෙනෙක් පසුගිය දිනෙක මතුගම – අළුත්ගම මාර්ගයේ වාහන සෝදිසියක යෙදී සිටියදී හොරවල දෙසින් එන සියලූම වාහන නතර කොට පරීක්ෂා කිරීමේ නිරතව සිටියහ.
පොලිස් පරීක්ෂක දයාරත්න රණේපුර මහතා වම් පස ආදායම් සහතිකයක් ප‍්‍රදර්ශණය කර නොතිබූ සුඛෝපභෝගී වාහනයක් දුටු වාහනය නතර කිරීමට අණ කළේය.
පොලිස් නිළධාරියා නොසිතූ දෙයක් මෙහි දී සිදු විය.
ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා රථයෙන් බැස්සේය.
‘මහත්මයාණනි මගේ ජීප් රථයේ ඇත්තේ කුමන වරදක්ද’ ඔහු ඉතාමත් කාරුණිකව විමසුවේය.
වාහනයේ ආදායම් සහතිකය ප‍්‍රදර්ශණය නොකිරීම දඩ කොළයක් ලබා දිය හැකි වරදක් බව පොලිස් නිළධාරියා පැවසීය.
වරද පෙන්වා දීම ගැන පොලිස් නිළධාරියාට ස්තූති කළ ඇමතිවරයා එය නිවැරදි කර ගන්නා කටයුතු කරන බවත් නිහතමානීව කියා පිටත්ව ගියේය.
lanka C news
No comments:
Post a Comment