වායු සමනය කළ අධිසුඛෝපභෝගී මැදිරියක , පළමු පංතියේ ,දෙවන පංතියේ හා තුන්වන පංතියේ මැදිරි යාපනය බලා ධාවනය වන දුම්රියවලට යොදවා ඇතැයි දුම්රිය වා‚ජ අධිකාරී සිසිර කුමාර මහතා පවසයි.
වායු සමනය කළ අධි සුඛෝපභෝගී මැදිරියේ ගමන් කිරීමට කැමැත්තක් දක්වන අයකුට එක් ආසනයක්සඳහා රුපියල් 1500ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කෙරේ . පළමු පංතියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල් 900ක්ද, දෙවන පංතියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල්
800ක්ද,තුන්වන පංතියේ (පිරිවැසුම් මැදිරියේ )ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 320 ක මුදලක්ද අයකරනු ඇත. යාපනය බලා ගමන්කිරීමට අවශ්‍ය මගීනට මොබිටෙල්, ඩයලොග් , එඩිසෙලාට් ජංගම දුරකථන හරහා 365 ඇමතීමෙන්ද , ටෙලිකොම් දුරකථනය හරහා 1365 ඇමතීමෙන්ද දින 45 ක් ඇතුළලත ආසන වෙන්කිරීමේ පහසුකම් සළසා තිබේ.
මීට අමතරව පෞද්ගලික ආයතනයකට හෝ වන්දනා නඩයකට මංගල උත්සවයකට සහභාවීමට යාපනයට යන්න අදහස් කරන්නේ නම් සියලු ආරක්ෂාව සහිතව දුම්රිය මැදිරියක් වෙන්කර ගැනීමට අදහස් කරන්නේ නම් රුපියල් 90 000කට ආසන්න මුදලකට දුම්රිය මැදිරියක් වෙන්කර ගතහැකි වේයි.
එම පහසුකම අවශ්‍ය නම් 23020109 දුරකථන අංකය ඹස්සේ දුම්රිය වා‚ජ අධිකාරී කාර්යාලයට ඇමතීමෙන් සියලු තොරතුරු ලබාගත හැකි බවද සිසිර කුමාර මහතා පැවසීය.
නිමල් රාජපක්ෂ
No comments:
Post a Comment