ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරඟ වැදිය හැකිදැයි විමසන නඩු විභාගයට අගවිනිසුරු මොහාන් පීරිස් සහභාගි වන්නේ නම් එයට විරෝධය පළ කරන බව හිටපු අගවිනිසුරුවරයෙක් පවසයි.
විශේෂයෙන්ම අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ වතිකාන සංචාරයට එක්වීම මගින් ඔහුගේ පක්ෂග්‍රාහීභාවය පැහැදිලිව ප්‍රදර්ශනය වන බවයි, හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියා සිටියේය.
“එතුමාට කිසිවිටෙකවත් ජනාධිපති සමඟ ඔවැනි සංචාරයකට සහභාගි වීමට අවකාශයක් නෑ. අපි අවශ්‍යතාවයක් වුනොත් එතුමා මේ නඩුව විභාග කිරීමට විරෝධතාවයක් නගනවා ඒ අවස්ථාවේදී,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
හිටපු අගවිනිසුරුවරයා ඒ අදහස් පළ කළේ, තුන්වැනි වරටත් ජනපති පදවියට තරඟ කළ හැකිදැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවට ඔහු නගන තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක් අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇත්තේ යම්කිසි පවතින නඩුවකදී ඒ ප්‍රශ්නය මතුවුවහොත් පමණයි. ඉතින් මේ කරුණ තාම මතුවෙලා නෑ,” යනුවෙන්ද සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක මතයක් ලබා ගැනීමේ බලයක් ජනපතිවරයාට තිබෙන නමුත් ඒ බලය හිමි වන්නේ පොදු වැදගත්කමක් සහිත කරුණක් අරභයා පමණක් බව පෙන්වා දෙන ඔහු, මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයාට යළිත් වරක් තරඟ කළ හැකිද යන්න පොදු වැදගත්කමක් සහිත කරුණක් නොවන බවද පවසයි.
– BBC
lanka C news
No comments:
Post a Comment