තුර්කිය ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන්ගේ ප‍්‍රහාරයට ලක්වුවහොත් නේටෝව විසින් තුර්කිය තනි නොකරන බව එහි මහලේකම් ජෙන්ස් ස්ටෝලන්බර්ග් පවසා තිබේ.
පසුගියදා සිරියානු තුර්කි දේශසීමාව ආසන්නයේ පිහිටි කෝබානි නගරයේ නැගෙනහිර ප‍්‍රදේශයෙහි ඉස්ලාමික රාජ්‍යය විසින් සිය ධජය ඔසවා ඇතැයි වාර්තා වේ.
ස්ටොලන්බර්ග් පවසා ඇත්තේ සිරියාවේදී අත්දකින සාහසිකත්වය තුර්කිය වෙත ගලා ආවහොත් නේටෝව එහි සිටින බව තුර්කිය විසින් දැනගත යුතු බවයි.
1952 සිට සාමාජිකත්වය දරන තුර්කියද ඇතුළු සියලූ මිත‍්‍ර රටවල් ආරක්‍ෂා කිරීම නේටෝවේ ප‍්‍රධාන අරමුණ බව නේටෝ මහලේකම්වරයා විසින් අවධාරණය කර තිබේ.
නේටෝව විසින් තුර්කිය තුළ පේටි‍්‍රයට් මිසයිල ස්ථානගත කරන ලද්දේද තුර්කියේ භෞමික අඛණ්ඩත්වය සහ දේශසීමා ආරක්‍ෂා කිරීම සඳහා බවද ඔහු සඳහන් කර ඇත.
සිවිල් යුද්ධයක පැටලී සිටින සිරියාව සමග ඇති කිලෝමීටර් 900ක දේශසීමාව ආරක්‍ෂා කිරීම සඳහා නේටෝ සහයෝගය ඉල්ලා සිටීම සමග 2013දී තුර්කිය තුළ පේටි‍්‍රයට් මිසයිල බැටර 6ක් පිහිටුවීමට කටයුතු කරන ලදී.
දකුණු අඩානා ප‍්‍රදේශයේ පිහිටා ඇති ඉන්සර්ලික් කඳවුර භාවිතයට ඉඩදෙන ලෙස වොෂින්ටනය ඉල්ලා සිටීම සමග පසුගිය සතියේදී තුර්කිය තුළ විදෙස් හමුදා මැදිහත්වීම තුර්කි පාර්ලිමේන්තුව විසින් අවසර දී ඇත.
කලාපය තුළ ඇති ඉහළම මිලිටරි බලය තුර්කිය සතු වන අතර එය ලෝකයේ 8වන ප‍්‍රබලතම හමුදාව ලෙසද සැලකේ.
lanka C news
No comments:
Post a Comment