හිලරි යුද්ධවාදී ජනාධිපතිවරියක් වේවි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

හිලරි යුද්ධවාදී ජනාධිපතිවරියක් වේවි

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය යුද්ධයට, මිලිටරි කර්මාන්තයට හා ෆෙඩරල් සංචිතයට අනුග‍්‍රහය දක්වන පාලකයෙක් වනු ඇතැයි හිටපු ඇමරිකානු රිපබ්ලිකන් පක්‍ෂ කොංග‍්‍රස් සභික හා ජනාධිපතිධුර අපේක්ෂක රොන් පෝල් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ලැරී කිං සමග පැවති සම්මුඛ සාකච්ඡුවකදීය.
හිලරිගේ ජනාධිපතිධුරය කුමන ආකාරයක් ගනීදැයි එහිදී ලැරී කිං විසින් රොන් පෝල්ගෙන් විමසා තිබේ.  

ඔහු පවසා ඇත්තේ ඇය සාමාන්‍ය, යුද්ධයට කැමති, සුභසාධනවාදයට කැමති, අයවැය හිගයට ඇල්මක් දක්වන, ෆෙඩරල් සංචිතයට අනුග‍්‍රහශීලී සහ මිලිටරි කර්මාන්ත සංකීර්ණයට ආදරය කරන ජනාධිපතිවරියක් වනු ඇති බවයි.

79 හැවිරිදි රොන් පෝල් මිලිටරි කර්මාන්ත සංකීර්ණයට හා ෆෙඩරල් සංචිතයට දැඩි විරෝධයක් දක්වන්නෙකු වන අතර විදෙස් රටවල ඇමරිකානු යුද්ධයන්ටද සම්පූර්ණයෙන් එරෙහි මතධාරියෙකි.

හිලරි ක්ලින්ටන් පාලන බලයට පත්වීම විසින් ඇමරිකාවේ වත්මන් ප‍්‍රතිපත්ති වලට කිසිදු වෙනසක් අත්නොවනු ඇති බව ඔහුගේ අදහසයි.
2016 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක‍්‍රටික් පක්‍ෂ අපේක්‍ෂකත්වය සඳහා සටනේදී  66 හැවිරිදි හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බව පැවසේ.

ඇයගේ රාජ්‍ය ලේකම්ධුරය ජෝන් කෙරී හා එකට එක තැබිය හැකි එකක් බවත් ඇමරිකාවේ සියලූ නීතිවිරෝධී ක‍්‍රියා ඇය අනුමත කරන බවත් මාධ්‍යවේදී ස්ටීවන් ලෙන්ඞ්මන් අගෝස්තු මසදී පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad