රට තුල ඇතැම් ස්ථානවල සිදුවන බරපතල නායයෑම්වලට හේතුවී ඇත්තේ ඉපැරණි නායයෑම් හදුනානොගෙන සිදුකරන අවිධිමත් ඉදිකිරීම් හා අනිසි මිනිස් ක‍්‍රියාකාරකම් නිසා බවත් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සදහා පළපුරුදු භූ විද්‍යාඥයින්ගේ අදහස් හා උපදෙස් නොවිමසා කටයුතු කිරීම බවත් ජේ්‍යෂ්ඨ භූවිද්‍යාඥ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල දහනායක මහතා කියයි.
මහාචාර්යවරයා බදුල්ල හල්දුම්මුල්ල නායයැම් හා අනෙකුත් දිස්ත‍්‍රික්කවල නාය යෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
‘අද වන විට විවිධ ඉදිකිරීම් කරනවා. කදු කපා දමමින් ඒවා නිසි අධ්‍යයනයකින් සිදු කරනවා. පුරුදු භූ විද්‍යාඥයින්ගේ උපදෙස් ලබාගැනීමක් වෙන්නේ නෑ. මීට වැඩිය නාය යෑම් පිළිබදව පාසල් සිසුන් ජනතාව දැනුවත් කළ යුතුයි.
නමුත් එසේ සිදුවන්නේ නෑ. යම්කිසි සිද්ධියක් ඇති වුණ ගමන් ඒ ගැන සෑම දෙනෙක් වගේ සොයා බලනවා. නමුත් දීර්ඝ කාලීනව සිදු කළ යුතු වැඩපිළිවෙලක් නැහැ. ක්ෂේත‍්‍රය තුළ සොයා බැලීම් හා ආදිය සිදුකළ යුතුයි.
භූ විද්‍යාඥයන්ගේ අදහස් යෝජනා ගණන් නොගෙන කටයුතු කිරීමක් සිදුවෙනවා. මේ ප‍්‍රදේශයේ පැරණි නායයෑමක් සිදුවෙලා තිබෙනවා වෙන්න පුළුවන්. ඒවා නිසි පරිදි හදුනානොගෙන කටයුතු කිරීම නිසයි මෙසේ සිදුවන්නේ. ඒ නිසා අදාළ අංශ දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි’
Thursday, October 30, 2014
මෙහෙම නායයන්නේ මිනිසුන් කරන වැරදි නිසා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment