යුරෝපා සංගමය හා බි‍්‍රතාන්‍යය ඩොලර් බිලියන 2.7ක් ගැන කෝලාහල කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

යුරෝපා සංගමය හා බි‍්‍රතාන්‍යය ඩොලර් බිලියන 2.7ක් ගැන කෝලාහල කරති

බි‍්‍රතාන්‍යය විසින් යුරෝපා සංගමයට ඩොලර් බිලියන 2.7ක අධිකරයක් ගෙවිය යුතු බව යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දැනුම්දී තිබේ.

කෙසේවෙතත් තමන් එවැනි මුදලක් නොගෙවන බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් විසින් පැවසීමෙන් අනතුරුව යළිත් වරක් යුරෝපා සංගමය හා බි‍්‍රතාන්‍යය අතර ගැටුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඞ් ජන්කර් පවසා ඇත්තේ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මෙම මුදල ගෙවීම සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්යය ඇතිබව පෙන්විය යුතු බවයි.

මේ වසර මුලදී ජන්කර් යුරෝපා කොමිසමේ සභාපතිධුරය සඳහා පත්වීමට විරෝධය දැක්වූවන් අතර කැමරන්ද විය. මේ අතර යුරෝපා සංගමයේ ප‍්‍රබලතම රාජ්‍යය වල ජර්මනියද ඩොලර් බිලියන 2.7 අධිකරය ගෙවිය යුතු බව පවසා ඇතැයි වාර්තා වේ.  

මෙය දුෂ්්කර වුවත් කැමරන් මෙය අපේක්‍ෂාවෙන් සිටිය යුතු බව ඇන්ජලා මර්කල් පවසා තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති ඇලෙක්සැන්ඩර් ලැම්බ්ස්ඩොර්ෆ් පවසා ඇත්තේ උපකල්පිත ප‍්‍රමාණයට වඩා වැඩියෙන් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නා රටවල් පොදු අරමුදලට වැඩි දායකත්වයක් ලබාදිය යුතු බවයි.

ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්ඬේද බි‍්‍රතාන්‍ය අධිකරයට පක්‍ෂව කරුණු දක්වා ඇති අතර ප‍්‍රංශයේ ආර්ථික වර්ධනය පහත වැටි තිබීම හේතුවෙන් ඔහු වෙත සහනයක් හිමිව ඇතැයි පැවසේ. මේ සමග යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි‍්‍රතාන්‍ය උත්සහය තවත් දැඩිවනු ඇති බව විචාරක අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad