ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දිනයේ විපක්‍ෂ වේදිකාවට ගොඩ වීමට නියමිතය.උන් වහන්සේ අද පස්වරුවේ නුගේගොඩදී පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ මහජන රැස්වීම අමතන බව එම සංවිධානය නිවේදනය කරයි.
දෙවන ධුර කාලයේ වසර හය සම්පූර්ණ නොකර ජනාධිපතිවරණය කැඳවීමත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවෙනිවරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමත් නීති විරෝධී බව කියමින් මෙම රැස්වීම පැවැත්වේ.
කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජවිපෙ නායක අනුර දිසානායක, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් මීට සහභාගී වේ.
No comments:
Post a Comment