ඇමතිවරුන් වන ආරුමුගම් තොණ්ඩමාන් හා ඩග්ලස් දේවානන්ද අතර වතුකරයේ දෙමළ ජනතාවට නිවාස 50000ක් ඉදිකර දීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති ව තිබේ.
මෙම නිවාස ඉදි කිරීමේ යෝජනාව පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී තොණ්ඩමාන් ඇමතිවරයා මීළග කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව පවසා ඇත.
එහිදී ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා පවසා ඇත්තේ උතුරේ දෙමළ ජනතාවටත් මේ අතරින් නිශ්චිත නිවාස සංඛ්‍යාවක් ඉදිකර දිය යුතු බවයි.
එම ප‍්‍රකාශයත් සමග තොණ්ඩමාන් ඇමතිවරයා ඊට විරෝධය පළ කර ඇති අතර ඉන්දියාවෙන් උතුරේ ජනතාවට නිවාස ඉදිකර දෙන බව පවසා ඇත.
කෙසේ වෙතත් කැබිනට් රැස්වීම අවසානයේදී තොණ්ඩමාන් ඇමතිවරයා එළියට බැස සදහන් කර ඇත්තේ ආණ්ඩුව ඌව පළාත් සභා ජන්දය ජයග‍්‍රහණය කළේ තම පක්ෂයේ මැදිහත්වීමෙන් ලැබුණු වතුකරයේ ජන්දවලින් බවත් දේවානන්ද ඇමතිවරයා එයටත් විදින්නට එන බවත්ය.
Thursday, October 30, 2014
දේවානන්දා-තොණ්ඩමාන් ගැටෙති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment