ස්තුතියි පවිත‍්‍රා.. මට කියාගන්න බැරි දේවල් කියන්න ඉඩ හදා දුන්නට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

ස්තුතියි පවිත‍්‍රා.. මට කියාගන්න බැරි දේවල් කියන්න ඉඩ හදා දුන්නට

ලංකා විදුලිබල මණ්ඩලයේ දුෂණවලට වගකිව යුත්තේ දේශපාලඥයන්ට වඩා සුදු කරපටි නිලධාරීන් බවත් දේශපාලඥයින්ට වඩා ඔවුන් දුෂිත බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘2012 වර්ෂයේ ඉදලම නිල ටෙන්ඩරයකින් තොරව තමයි ගල් අගුරු ගෙන්වන්නේ. මේ සිද්ධ වන දුෂණ වංචා සාමාන්‍ය ඒවා නොවේ. මේවා තාක්ෂණික වංචා.ඒ නිසා මේවා සොයන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අනිවාර්යෙන් පත්කළ යුතුයි.

දුෂණ වංචා සිද්ධවෙලා කියලා කියනවා.ඒත් කවදාවත් හරියාකාරව පරීක්ෂණයක් සිදු කරන්නෙත් නෑ. වැරදි කරපු පුද්ගලයන් අල්ලගෙන දඩුවම් දෙන්නෙත් නෑ.නමුත් අපි කියන්නේ වැරදිකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි.

මහවැලි යුගයේ සිටම මේ ක්ෂේත‍්‍රයේ අති විශාල දුෂණ වංචා සිද්ධ වෙනවා. ඒක බරපතළ තත්ත්වයක්. දේශපාලන බල අධිකාරියේ සම්බන්ධයක් මේවාට තියෙනවාද නැද්ද කියලා අපි දන්නේ නෑ.

නමුත් කවුරු සම්බන්ධ වුණත් ඒ සියලූ දෙනාටම දඩුවම් දිය යුතුයි. පවිත‍්‍ර ඇමතිතුමියට මම ස්තූතිවන්ත වෙනවා. මොකද මට කියා ගන්න බැරි දේවල් කියන්න අවස්ථාවක් ලබාදුන්නට’ යයිද ඇමතිවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad