පෝලන්ත බටහිර දේශසීමාවේ රඳවා ඇති හමුදා සෙබළුන් නැගෙනහිර දේශසීමාව තුළ ස්ථානගත කිරිමට පෝලන්තය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
පෝලන්ත ආරක්‍ෂක ඇමති ටොමාස් සිමොනියැක් පවසා ඇත්තේ භූ දේශපාලනික තත්වය වෙනස් වී ඇති බවයි.
ශීත යුද්ධයෙන් පසු විශාලතම ආරක්‍ෂක තර්ජනය හටගෙන ඇති බවත් ඊට අදාළ ලෙස පියවර ගත යුතු බවත් ඔහුගේ අදහස වී තිබේ.
පෝලන්ත හමුදා බලයෙන් වැඩි ප‍්‍රමාණයක් එහි බටහිර දේශසීමාව තුළ රඳවා ඇති අතර සෝවියට් කඳවුරේ රාජ්‍යයක් ලෙස සිටි සමයෙන් පසු එහි මිලිටරි ව්‍යූහය ප‍්‍රතිසංස්කරණය කර නොමැත.
මෙය රැඩිකල් පියවරයක් නොවන බවත් අසල්වැසි යුක්රේනයේ ඇවිළ යන අර්බුදයට අදාළ ආරක්‍ෂක පියවරක් වශයෙන් ගනු ලැබූවක් බවත් ඔහු පවසා තිබේ.
මේ අනුව සීඞ්ල්ස්, චෙල්ම් සහ සුවාල්කි යන නැගෙනහිර සීමාවේ හමුදා කඳවුරු වල හමුදා බලය වැඩි කරනු ඇති අතර 2016 වන විට නව මිලිටරි ආම්පන්නද ලබාදෙනු ඇතැයි පැවසේ.
පෝලන්ත මාධ්‍ය පවසා ඇත්තේ සීඞ්ල්ස් හමුදා කඳවුර මින් වසර කිහිපයකට පෙර වසා දැමීමට පවා සැරසුණු බවයි. කෙසේවෙතත් සිමොනියැක් විසින් එය පිළිසකර කිරීමට පියවර ගන්නා ලදී.
අපේ‍්‍රල් මසදී සිය නැගෙනහිර දේශසීමාවේ නේටෝ භටයින් 10000ක් රඳවන ලෙස පෝලන්තය විසින් නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කළ නමුත් ඒ සඳහා හොඳ ප‍්‍රතිචාරයක් නොලැබිණි.
Thursday, October 30, 2014
පෝලන්තය නැගෙනහිර දේශසීමාවේ යුධ බලය තර කරයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment