පරීක්‍ෂණ මට්ටමේ පවතින මොන්සැන්ටෝ සමාගම විසින් නිෂ්පාදිත ජාන වර්ධිත තිරිගු ප‍්‍රභේදයක් මොන්ටානාහි වගාබිමක තිබී හමුවී ඇතැයි වාර්තා වේ.
මෙම ජාන වර්ධිත ශාකයන් මොන්ටානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණ වගා බිමක තිබී ඇති අතර 2000-2003 කාලයේදී මොන්සැන්ටෝ සමාගම විසින් රවුන්ඞ් අප් පළිබෝධනාශකයට ඔරොත්තු දෙන තිරිගු ප‍්‍රභේදයක් ගොඩනැගීම සඳහා ඒ පරිශ‍්‍රය තුළ පර්යේෂණයක් සිදුකර ඇතැයි වාර්තා වේ.
අක්කර 3ක් පමණ වන මෙම ජාන වර්ධිත තිරිගු වගාව ඇමරිකාව තුළ හමුවූ මේ ආකාරයේ දෙවන අනවසර වගාබිමයි. මින් වසරකට පෙර අක්කර සියයක පමණ ජාන වර්ධිත තිරිගු යායක් ඔරිගන් ප‍්‍රාන්තයේදී හමුවූ අතර ඉන්පසු ඇමරිකාවේ තිරිගු ආනායනය කරන රටවල් විසින් එම ආනයනයන් තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කරන ලදී.
මෙතෙක් කිසිදු ජාන වර්ධිත තිරිගු විශේෂයක් වගාකිරීමට ලොව කිසිදු රටක් විසින් අවසර ලබාදී නොමැත. ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව සහ ශාක සෞඛ්‍ය අධීක්‍ෂණ සේවාව පවසා ඇත්තේ මෙවර හමුවූ අනවසර වගාබිමේ නිෂ්පාදිතයන් ඇමරිකානු තිරිගු අස්වැන්න හා මුසුවීමේ අවදානමක් නොමැති බවයි.
එහෙයින් වෙළඳාමට බාධාවක් එල්ල නොවනු ඇතැයි ඇමරිකානු තිරිගු නිෂ්පාදකයින්ගේ එකතුව විසින්ද විශ්වාසය පළ කර ඇති අතර මේ පිළිබඳව සිය ගැණුම්කරුවන්ට නිල ලෙස දැනුම්දෙන බවද එම සංගමය නිවේදනය කර ඇත.
Tuesday, October 14, 2014
පරීක්‍ෂණ මට්ටමේ මොන්සැන්ටෝ ජාන වර්ධිත තිරිගු ප‍්‍රභේදයක් ඇමරිකානු වගාබිමක
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment