ජනපති මහින්ද රාජපක්ෂ තුන්වැනි වරටත් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුනොත් ජවිපෙ අතපය බැදගෙන නිකන් නොසිටින බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ මෙරට නීති ක්‍රියාත්මක වන්නේ වර්තමානයේ සිට අනාගතයට පමණක් නිසා නව නීති සකස් නොකර මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවත්, ජනාධිපතිවරයා රටේ වත්මන් මූලික නීතිය කඩකිරීමට කටයුතු කළහොත් ජනතා විමුක්ති පෙරමුණ අතපය බැදගෙන නොසිටින බවයි.
මහින්ද රාජපක්ෂට තුන්වරක් ඉදිරිපත් විය නොහැකි බවට නීතිය හොදින් දන්නා හිටපු අගවිනිසුරුවරයා සදහන් කරන විට, උසාවි වල නඩු නැතිව වේළන නිතීඥයන් කිහිපදෙනෙකු ඉදිරියට දමා වැරදි තර්ක ඉදිරිපත් කරමින් ප්‍රශ්නයෙන් පැනයාමට කටයුතු කරන බවද ඔහු සඳහන් කලේය.
තුන්වරක් පැමිණීමට අවශ්‍ය නම් තුනෙන් දෙකේ බලය යොදාගෙන අඩුපාඩු සකස් කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට පැමිණෙන ලෙසත්, එසේ නොමැතිව කටයුතු කළහොත් රටේ පවතින නීතිය රැකගැනීමට අදාළ අවස්ථාවේදී නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.
lanka C news
Tuesday, October 14, 2014
තුන්වෙනි පාරත් මහින්ද ඉල්ලුවොත් අපි අතපය බැඳගෙන නිකං ඉන්නෙ නෑ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment