මීළග ජනාපධිතිවරණයට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වන්නේ නම් ස්ථිර වශයෙන්ම රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයකු ජනාධිපති කරවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ පිවිතුරු හෙටක් සංවිධානයේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
‘අනිවාර්යයෙන්ම මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිර්පත් කර පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් විවාදයකින් පසු සම්මත කර ජනතාවට අතරට ගෙනයෑමේ අවස්ථාවක් උදාවී යැයි විශ්වාස කරනවා.
තවද ජනාධිපතිවරණය ජනවාරි හෝ මාර්තු යන මාස දෙක ඇතුළත පැවැත්වෙන බවට රාවයක් පවතිනවා.
ආණ්ඩුව සමග සන්ධාන ගතවූ කුමන දේශපාලන පක්ෂයක් කුමන මතයක් දැරුවත් පිවිතුරු හෙටක් සංවිධානය මෙන්ම ජාතික හෙළ උරුමය ආණ්ඩුව සමග තවදුරටත් කටයුතු කරන්නේ විධායක ජනාධිපති ධූරය මෙන්ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ක‍්‍රියාත්මක කළහොත් පමණයි’ යයිද උන් වහන්සේ කියා සිටිති.
Thursday, October 30, 2014
යෝජනා පිලි නොගත්තොත් ස්ථිරවම පොදු අපේක්ෂකයාට සහාය දෙනවා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment