සියලූ ගෙවුම් කාඞ් පද්ධතීන් රුසියානු පද්ධතියට සබැඳිය යුතු බවට යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

සියලූ ගෙවුම් කාඞ් පද්ධතීන් රුසියානු පද්ධතියට සබැඳිය යුතු බවට යෝජනාවක්

http://ift.tt/eA8V8J

රුසියාව තුළ ක‍්‍රියාත්මක වන දේශීය සහ විදේශීය ගෙවුම් කාඞ්පත් පද්ධතීන් රුසියානු ජාතික ගෙවුම් පද්ධතිය හා සම්බන්ධ විය යුතු බවට රුසියානු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු විසින් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
ඉන් එක් මන්ත‍්‍රීවරියක වන මරීන් මුකබෙනෝවා පවසා ඇත්තේ සියලූ බැංකු සහ විදෙස් කාඞ්පත් ජාලයන් ඒ හා සම්බන්ධ කිරීම මගින් රුසියානු භූමි ප‍්‍රදේශය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අදහසක් ගත හැකිවනු ඇති බවයි. තුර්කිය වැනි රාජ්‍යයන්ද මේ හා සමාන ක‍්‍රමවේදයක් අනුගමනය කරන බව ඇය පවසා තිබේ.
තීරණාත්මක නොවන ගෙවුම් පද්ධතීන් විසින් රක්‍ෂණ තැන්පතුවක් ලෙස සිය දෛනික පිරිවැටුමෙන් 25%ක් ගෙවිය යුතු දිනය ඔක්තෝබර් 31 සිට මාර්තු 31 දක්වා කල් තැබීමටද මෙම පණත් කෙටුම්පත විසින් යෝජනා කර ඇතැයි පැවසේ.
ප‍්‍රධාන පෙළේ රුසියානු බැංකුවක ප‍්‍රධානියෙකු පවසා ඇත්තේ රුසියානු දේශීය ගණුදෙනු දේශීය ආයතනයක් හා සම්බන්ධ කිරීම සඳහා ගෙවුම් පද්ධතීන් වලට හිමිවන කාලය ප‍්‍රමාණවත් නොවනු ඇති බවයි. වීසා සහ මාස්ටර්කාඞ් සමාගම් මේ පිළිබඳ අදහස් දැක්වීම ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ.
පසුගිය මාර්තු මසදී ඇමරිකානු වීසා සහ මාස්ටර්කාඞ් සමාගම් ඇමරිකානු සම්බාධක වලට ලක්වූ රුසියානු බැංකු ගණනාවකට සේවා සැපයීම අත්හිටුවීම සමග ජාතික ගෙවුම් පද්ධතියක් ගොඩනැගීම සඳහා වන පණතකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් අත්සන් තබනු ලැබිණි.


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad