හතරවෙනි වතාවට ඉල්ලූවත් මහින්ද උඩින්ම දිනනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

හතරවෙනි වතාවට ඉල්ලූවත් මහින්ද උඩින්ම දිනනවා

http://ift.tt/eA8V8J

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට සිවුවැනි වතාවට තරඟ කලත් උඩින්ම දිනන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා කියයි.
‘ජනාධිපතිතුමාට මොකද බැරි තුන්වැනි සැරේටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න.එහෙම දෙයක් ජේ.ආර් ගේ ව්‍යවස්ථාවේ තිබුණා තමයි. ඒත් දැන් මේ රටේ නීති පොතේ ඒ වගන්තිය නෑ. 18 වැනි සංශෝධනයෙන් ඒ වගන්තිය අයින් කෙරුණා.
මහින්දට තුන්වැනි සැරේට බෑ කියන විපක්ෂයේ දේශපාලයිනුත් ඒ කතාව දන්නවා.මොකද ඒ උදවිය පොඩි බබ්බු නොවෙයිනේ…ඒත් එතන තියෙන්නේ වෙන කතාවක්. ඒ කියන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළ`ග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් එතුමා උඩින්ම දිනන බව උන්නැහේලා හො`දාකාරවම දන්නවා.
අන්න ඒ බයටයි ඔය විකාර කතා කියන්නේ.තුන්වැනි වතාවට නෙවි.හතර වැනි වතාවට ඉල්ලූවත් අපේ ජනාධිපතිතුමා තමයි උඩින්ම දිනන්නේ’ යයිද ඒ මහතා පෙන්වා දෙයි.


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad